නීති විරෝධිව මසුන් මැරු පුද්ගලයෙක් නාවික හමුදා භාරයට

වාණිජ පුපුරණ ද්‍රව්‍ය භාවිත කර අල්ලා ගත් බවට සැක කෙරෙන මසුන් කිලෝ ග්‍රෑම් 1865 ක තොගයක් සමඟ සැකකරුවෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා

නාවික හමුදාව ත්‍රිකුණාමලය නිලාවේලි වෙරළ ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදි මෙම සැකකරු අල්ලාගෙන තිබෙනවා.

එම පුද්ගලයා එම මසුන් තොගය අළෙවි කීරීමට සූදානමින් සිටි මොහොතේ මෙලෙස සැකකරුවන් නාවික හමුදා භාරයට ගෙන තිබෙන්නේ.

ශ්‍රි ලංකාවට අයත් මුහුදු සහ වෙරළ කලාපයේ සිදුකෙරෙන නීති විරෝධි ධීවර කටයුතු මැඩපවත්වා නීත්‍යානුකූල ධීවර කටයුතු ප්‍රවර්ධනය කිරීම සඳහා නාවික හමුදාව නිරන්තරයෙන් අවධානයෙන් සිටිමින් කටයුතු කරනු ලබනවා.

ඒ අනුවයි පෙට්ටි 72 ක අසුරන ලද , මෙම මාලු කිලෝග්‍රෑම් 1865 ක ප්‍රමාණය සොයාගත්තේ.

අදාළ සැකකරු අවුරුදු 39ක් වන නිලාවේලි ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි නාවික හමුදාව පැවසුවේ.