ඔක්තොම්බර්වල අලුත්ම එකක් දෙනවා -පාස්පෝට් හදන්න ඉන්න අයට දැනුම් දීමක්

ඔක්තෝබර් මාසය දක්වා දිනකට ගුවන්ගමන් බලපත්‍ර දහසක් පමණක් නිකුත් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා.

අද (09) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා සඳහන් කළේ, ඔක්තෝබර් මාසයේ සිට ඊ ගුවන්ගමන් බලපත්‍රය නිකුත් කරන බවයි.

එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ ,

“පාස්පෝට් එකේ ඉතිහාසයත් කියන්න ඕන.අවුරුදු විසිතුනක් කිසිම ටෙන්ඩර් එකක් කෝල් කරන්නේ නැතුව එකම සැපයුම්කරුගෙන් දිගින් දිගට නැවත ඇණවුම් නැවත ඇණවුම් කියලා අවුරුදු 23ක් අරන් තිබුණේ.අපේ අර තිබුන පාස්පෝට් එක ඒකට අපි ගෙවලා තිබුණා ඩොලර් 5.89 ක්.

පාස්පෝට් එකට විවෘත ටෙන්ඩර් කැඳවලා තලේස් සමාගමට ඒ ටෙන්ඩර් එක ගියා අපේ රටේ තියෙන සමහර නීති රීති අනුව වෙලා තියෙන්නේ ටෙන්ඩර් එකක් අවොයිඩ් කරන්න ඉස්සර වෙලා සියලු දෙනාටම දන්වනවා.ඒගොල්ලන්ට තියෙනවා දවස් දාහතරක් අභියාචනා කරන්න.අභියාචනා මණ්ඩලයට තියෙනවා මාසයක් ඒක අධ්‍යයනය කරන්න.ඉතින් ඔහොම උනාම අපි අපේ දැන් තියෙන පාස්පෝර්ට් ප්‍රමාණය අපි සැලසුම් කරේ ඒ ප්‍රමාණය ඉවර වෙන වෙලාවට.

අලුත් ප්‍රමාණය එන්ඩ මාස දෙකක් විතර මේ ක්‍රියාවලිය නිසා ප්‍රමාද වුණා. ඒ මාස දෙකේ ප්‍රමාදය තමයි අපිට ප්‍රශ්නයක් වුණේ දැන් ඉඳන් ඔක්තෝබර් වෙනකන් අපිට ප්‍රශ්නෙ වුනේ ඒක.

ලේසි දේ කරන්න තිබුණේ කලින් සැපයුම්කරුවෝ කියනවා අපිට ලක්ෂ පහකට වඩා අඩුවෙන් දෙන්න බෑ.එතකොට ලේසියෙන් තිබුනේ ඩොලර් 5.89 ගානේ ලක්ෂ පහක් ඇනවුම් කරලා ඊළඟට අරක ආවහම ඉතිරි ඒවා ටික ඔය ගබඩා කාමරයකට දාන එක ඉතින් ඒකට මම කැමති වුණේ නැහැ.

මම කිව්වේ හරියට කාලය ගැන බලන්න තියෙන ඒවා ඉවර වෙනකොට අලුත් පාස්පෝට් එක එන්න.එතකොට මේ කාලසීමාව වෙනස් උනේ? මේ මාස දෙකක ප්‍රමාදය.ඒ මාස දෙකේ ප්‍රමාදය නිසා තමයි අපිට සීමා කරන්න වුණේ පාස්පෝර්ට් නිකුත් කරන එක.
අත්‍යවශ්‍ය අයට තියෙන්ඩ ඔක්තෝබර් මාසය වෙනකන්.ඒත් අපි දවසකට නවසීයක් නිකුත් කරනවා. දාහකට වෙනකන් අපි ඉඩ තියලා තියෙනවා.

හදිසි ඒවා ඇත්තටම යන්න තියෙන අය ඒගොල්ලන්ට අපි නිකුත් කරනවා.

මම තව එකක් කියන්න ඕන අපි මෙතෙක් කල් නිකුත් කරපු පාස්පෝට් වලින් සියයට 23යි පාවිච්චි කරලා තියෙන්නේ.අනික් පාස්පෝට් අරගෙන තියෙනවා හැබැයි පාවිච්චි කරලා නෑ.

මම අද මහජනතාවගෙන් ඉල්ලීමක් කරනවා අත්‍යවශ්‍ය නම් විතරක් මේ මාස දෙකේ පාස්පෝට් එක ඉල්ලන්න.නැත්තං ඔක්තෝබර් මාසෙ වෙනකන් ඉන්න අලුත්ම පාස්පෝට් එකක් ඔක්තෝබර් මාසේ ලැබෙනවා.

අපේ එකම අරමුණ තියෙන්නේ අපේ පාස්පෝට් එක දැන් තියෙන්නේ 193 වැනි තැන අපි බලන්නේ 50 උඩට ගේන්න ශ්‍රී ලංකාවේ පාස්පෝට් එක.ඒ කියන්නේ ලෝකේ පිළිගැනීම.

අපි ටෙන්ඩර් කැදෙව්වේ ඊ පාස්පෝට් එකට ඊ පාස්පෝට් එක කියන්නේ චිප් එකත් එක්ක ඕන කෙනෙක් දන්නවා.අපි පරණ පාස්පෝට් එකට ඩොලර් 5.89ක් ගෙව ගෙවා තිබුණා.

අලුත් ඊ පාස්පෝර්ට් එක මේ ආරක්ෂිත සියලු අංගෝපාංග එක්ක අපිට වෙන්නේ ඩොලර් 5.5යි.

මේ දවස් වල පාස්පෝර්ට් නැත්තේ නැහැ. මම දැක්කා කොහේ හරි කියනවා තව පාස්පෝර්ට් 25000යි තියෙන්නේ කියලා.එහෙම නෑ අපිට ඔක්තෝබර් වෙනකන් දවසකට දාහක් දෙන්න පුළුවන් විදියට අපි සැලසුම් කරලා තියෙන්නේ.මම මහජනතාවට කියන්නේ හදිසිම නම් විතරක් ගන්න නැත්තං ගන්න එපා ඊට වඩා හොඳ අලුත් පාස්පෝට් එකක් ඔක්තෝබර් මාසේ ඉඳලා ගන්න පුළුවන්.” යනුවෙනි.