විජයදාසගේ පෙත්සම විභාගයට නව දිනයක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ සහ වැඩබලන මහලේකම් ලෙස කීර්ති උඩවත්ත යන මහත්වරු පත්වීම නීතිවිරෝධී බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා කොළඹ දිසා අධිකරණය හමුවේ පැමිණිල්ලක් ගොනුකර තිබුණා.

එම පැමිණිල්ල නිෂ්ප්‍රභ කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණය හමුවේ තුන්වන දිනටත් අද (22) විභාගයට ගැනුණා.

එම අභියාචනා පෙත්සම ඉදිරිපත් කර තිබුණේ අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා විසින්.

එම පෙත්සම සිවිල් අභියාචනා මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ යළි කැඳවනු ලැබුවා.

එහිදී වගඋත්තරකාර දුමින්ද දිසානායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා වැඩිදුරටත් කරුණු ඉදිරිපත් කළා.

ඉන් අනතුරුව වැඩිදුර කරුණු දැක්වීම ලබන 31 වනදා තෙක් කල් තැබුණා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!