තරුණ ජීවිතයක් බිලිගත් හංවැල්ලේ යතුරුපැදි අනතුර

යතුරුපැදි දෙකක් එකිනෙක ගැටී සිදුවූ රිය අනතුරකින් එක් යතුරුපැදියක ගමන් කළ අයෙක් බරපතළ තුවාල ලබා රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ (15) හංවැල්ල පොලිස් වසමේ ඇඹුල්ගම පනාගොඩ මාර්ගයේ ජල්තර ප්‍රදේශයේදීයි මෙම අනතුර සිදුව තිබුණේ.

අදාළ යතුරුපැදි දෙක එකිනෙක ගැටී පසුව එක් යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ දුරකථන රැහැන් කණුවක ගැටී තිබෙනවා.

අනතුරෙන් යතුරුපැදි දෙකේ ගමන් ගත් යතුරු පැදිකරුවන් දෙදෙනා තුවාල ලබා හෝමාගම රෝහලට ඇතුළත් කර ඇති අතර පසුව ඉන් එක් අයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 18 හැවිරිදි දැඩිගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.