මහජන ආරක්ෂක ඇමති සහ ජෝර්ජියානු හිටපු විදේශ කටයුතු ඇමති අතර හමුවක්

ජෝර්ජියානු හිටපු විදේශ කටයුතු සහ අධිකරණ අමාත්‍ය,Dexis ආයතනයේ ජේෂ්ඨ අධ්‍යක්ෂිකා Eka Tkeshelashvili මහත්මිය සහ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අතර හමුවක් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදී සිදු කෙරුණා.

ජාත්‍යන්තර මට්ටමින් දූෂණ විරෝධී වැඩසටහන් රැසක් වෙනුවෙන් නායකත්වය සපයා ඇති එතුමිය සිය අත්දැකීම් අමාත්‍ය ටිරාන් අලස් මහතා සමග හුවමාරු කර ගනු ලැබුවා.

ශ්‍රී ලංකාවේ දූෂණ විරෝධී වැඩපිළිවෙළ ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා වුණා.

දූෂණ විරෝධී වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවීමේදී යොදා ගනු ලබන ඇතැම් නීති රීති සහ ක්‍රියාමාර්ගයන් සඳහා දීර්ඝ කාලයක් ගතවීම පිළිබඳව අවධානය යොමු කළ අතර ඊට පිළියමක් වශයෙන් ජාත්‍යන්තර මට්ටමින් ක්‍රියාත්මක වන විවිධ ක්‍රියාමාර්ගයන් ශ්‍රී ලංකාවට ගැලපෙන අයුරින් සුදුසු පරිදි යොදා ගැනීම පිළිබඳව මෙහිදී  සාකච්ඡා කෙරුණා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!