හිරු නාලිකාවට එරෙහි චෝදනා ගැන මැතිවරණ කොමිසමෙන් ලිපියක්

ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ ඡන්ද වීමසීම ප්‍රකාශයට පත්කර තිබීයදී හිරු මාධ්‍ය ජාලය විසින් දිගින් දිගටම මැතිවරණ නීති උල්ලංඝනය කර ඇති බවට චෝදනා ලැබී ඇති බව මැතිවරණ කොමිසම නිවේදනය කරනවා.

එසේම මැතිවරණ කොමිෂන් සභාව විසින් 2024 වසරේ ජුලි මස 26 වනදා නිකුත් කළ අංක 2394/57 දරන ගැසට් පත්‍රයේ සඳහන් මාධ්‍ය උපමානවලට පටහැනිව විවිධ වැඩසටහන් විකාශය කරන බවට පැමිණිලි රාශියක් මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබී ඇති බවත් මැතිවරණ කොමිසම පවසනවා.

මැතිවරණ කොමිෂන් සභාව එයින් කිහිපයක් පහත පරිදි සංක්ෂිප්ත කර තිබෙනවා.

  • 2024.08.06. 2024 08.07 සහ 2024.08.08 (උදෑසන 6.25 පත්තරේ විස්තරේ ) යන දිනයන්හීදී ඉදිරිපත් කරන ලද වැඩසටහන් අතරතුරදී අපහාසාත්මක අදහස් ප්‍රකාශ කිරීම.
  • මේ වන විට අධිකරණයේ විභාග වෙමින් පවතින නඩු සඳහන් කරමින් මාධ්‍ය සදාචාරයට නොගැළපෙන හා දැඩි පක්ෂපාතිත්වයෙන් යුතුව එක් අපේක්ෂකයකු ප්‍රවර්ධනය වන ආකාරයට අදහස් දැක්වීම.
  • පොදු සංඛ්‍යාත සහ පොදු ගුවන් කාලයන් තුළ තමාට රිසි පක්ෂ ප්‍රවර්ධනය කිරීම හා අනෙකුත් පක්ෂයන්ට අපහාස වන අයුරින් කටයුතු කිරීම.

වැඩි විස්තර පහතින්,