ප්‍රසන්නගෙන් පරමාදර්ශී නායක මහින්දට ලිපියක්

එළැඹෙන ජනාධිපතිවරණයේ දී තමා සහාය දක්වන්නේ කාහටද යන්න පිළිබඳව ප්‍රකාශ කිරීමට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමුකර තිබෙනවා.

එම ලිපියේ සඳහන් වන්නේ රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා ලෙස නැවත පත්කිරීමෙන් මිස පොදුජන පෙරමුණේ පාක්ෂිකයින් රැකගත හැකි වෙනත් විකල්පයක් මේ මොහොතේ තමන්ට නොපෙනෙන බවයි.

එසේම මේ මොහොතේ හෘද සාක්ෂියට එකඟව රට ගැන සිතා තමා රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ඉදිරිපත් වන බව ප්‍රසන්න රණතුංග මහතා අදාළ ලිපිය මඟින් දැනුම් දෙනවා.

නමුත් තමා තවමත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාක්ෂිකයෙකු බව හා තමාගේ පරමාදර්ශී නායකයා මහින්ද රාජපක්ෂ මහතා වන බව ප්‍රසන්න රණතුංග මහතා අදාළ ලිපියේ සඳහන් කර තිබෙනවා.

ඊට අදාළ ලිපිය පහතින්,