හමාස් ප්‍රධානියෙක් අතුරුදන්

හමාස් සංවිධානයේ ගාසා තීරයේ නායකත්වය ගෙන කටයුතු කළ යාහියා සින්වාර් අතුරුදන්ව ඇති බවට වාර්තා වනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඔහු ඊශ්‍රායලය එල්ලකළ ප්‍රහාරයකින් මිය යන්නට ඇති බවටයි.

කෙසේ නමුත් යාහියා සින්වාර් සොයා ඊශ්‍රායලයද විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බවට වාර්තා වනවා.

යාහියා සින්වාර් දීර්ඝ කාලයක සිට සිය ප්‍රතිවාදීන්ගෙන් සැගව සිටි බවටද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඊශ්‍රායලයේ ප්‍රාධාන මාධ්‍ය ආයතන සහ අයි.ඩී .එෆ් බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලය විසින්ද ප්‍රකාශ කළේ දරුණු ප්‍රහාර හමුවේ යාහියා සින්වාර් මිය යන්නට ඇති බවයි.

කෙසේ නමුත් ඔහුඉ තවමත් ජීවත්වන බවට විශ්වාස කරන බවටද ඇතැම් පාර්ශව ප්‍රකශ කරන බවද ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ද ටයිම්ස් ඔෆ් ඔෆ් ඊශ්‍රායලයට අනුව පසුගියදා එල්ලකළ ප්‍රහාරයෙන් පසු ගාසා තීරයේ උමං මාර්ගවල සැඟව සිටි හමාස් ප්‍රධානියා සටන් විරාම සාකච්ඡා වලට අදාළ පණිවිඩ යැවීම නතර කර ඇති බවයි.