සන්නද්ධ ග්‍රහණයේ සිටි ශ්‍රිලාංකිකයින් පිරිසක් දිවයිනට

මියන්මාරයේ සන්නද්ධ කණ්ඩායමක් ග්‍රහණයේ පරිගණක අපරාධ සඳහා යොදවා සිටි ශ්‍රී ලාංකීය තරුණ තරුණියන් 20ක් දිවයිනට පැමිණියා.

ඒ ඊයේ දිනයේයි.

මීට දින කිහිපයකට පෙර ඔවුන් මුදවා ගැනුණු අතර තායිලන්තයේ බැංකොක් නුවර සිට ඔවුන් ශ්‍රී ලංකාවට රැගෙන ආවා.

ඒ ජාත්‍යන්තර සරණාගතයින් පිළිබඳ සංවිධානයේ අනුග්‍රහයෙන්.

ශ්‍රී ලාංකික තරුණ තරුණියන් 50කට වැඩි පිරිසක් මියන්මාරයේ සන්නද්ධ කණ්ඩායමක් ග්‍රහණයේ චීන අපරාධ කණ්ඩායම් විසින් විවිධ පරිගණක අපරාධ සඳහා යොදවා ගෙන සිටිය.
ඒ අතරින් 8 දෙනෙකු මීට පෙර මුදවා ගැනුනා.

තවත් 33 දෙනෙකු මියන්මාරයේ මියාවඩි නගරයේ සිට කිලෝමීටර 26 ක දුරකින් ස්ථනයක අපරාධ කල්ලියක ග්‍රහණයේ සිටිනවා.