පුරප්පාඩු වූ මන්ත්‍රී පුටුව ගැන මැතිවරණ කොමිසමෙන් ගැසට්ටුවක්

දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්පන්දන් මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සඳහා කදිරවේලු සම්මුගම් කුගදාසන් මහතා නම්කර තිබෙනවා.

ත්‍රිකුණාමලය මැතිවරණ කොට්ඨාසය සඳහා 9 වන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු ලෙස කුගදාසන් මහතා තෝරාපත් කරගත් බවයි මැතිවරණ කොමිසන් සභාව පවසන්නේ.

ඊට අදාළ ගැසට් නිවේදනය මැතිවරණ කොමිසම මඟින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

මේ අතර අභාවප්‍රාප්ත ආර්. සම්බන්ධන් මහතාගේ දේශය මේ වන විට කොළඹ පෞද්ගලික මල්ශාලාවක තැම්පත් කර තිබෙන අතර ඒ මහතාගේ අද (03) දේහය පස්වරුවේ පාර්ලිමේන්තුවට රැගෙන යාමට නියමිතයි.

ඒ අනුව අද පස්වරු 2.00 සිට පස්වරු 4.00 දක්වා ඒ මහතාගේ දේහය පාර්ලිමේන්තුවේ තැම්පත් කර තිබෙනවා.

ආර්. සම්බන්ධන් මහතාගේ දේහය හෙට (04) දිනයේ ත්‍රිකුණාමලයට රැගෙන යාමට නියමිත අතර ඉරිදා දිනය දක්වා මහජන ගෞරවය සඳහා ඔහුගේ නිවසේ තැම්පත් කර තබන බවයි වාර්තා වන්නේ.

දේහය පිළිබඳ අවසන් කටයුතු එළැඹෙන ඉරිදා සිදුකිරීමට නියමිතයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!