සජිත්ගේ ප්‍රචාරක රැලියක කලබලයක් – මාධ්‍යවේදීන්ටත් ගැටළුවක්

ඊයේ (03) ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රචාරක රැස්වීමක් වවුනියාවේදී පැවැත්වුණා.

එහිදී අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට සහය පළ කිරීමට පැමිණි සිටි ඇතැම් පුරවැසියන්ට වතුර බෝතල් ලබා නොදී ඇති බවටත් එම ජනහමුවට ඒ අය විසින් රැගෙන පැමිණි අයට එක්කන් එන විටදී වතුර බෝතල් ලබා නොදී එම ස්ථානයට ගොස් කුලය අනුව කටයුතු කරන බවටත් චෝදනා කළා.

ඒ සමගම අදාළ කලබලකාරී තත්ත්වය රූගත කරමින් සිටි මාධ්‍යවේදීන් එය රූගත කිරීම නතර කළ ඇතැමුන්, අමාත්‍ය රිෂාඩ් බදියුදීන් පිළිබඳව මීට දින කිහිපයකට පෙර පළ වූ පුවත උපුටා දක්වමින් එම ප්‍රවෘත්තිය පළ කළේ මන්දැයි ඔවුන් ප්‍රශ්න කර ඇති බව සඳහන් වනවා.

මේ අතරතුර එක්සත් ජනතා ශක්ති සංවිධානයේ වවුනියාව දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක රසිකා මහත්මිය මැදිහත් වී තත්ත්වය සමනය කරන ආකාරයක් දැකිය හැකි වනවා.