එළැඹෙන ජනාධිපතිවරණය සම්බන්ධයෙන් විවිධ පර්ශවයන් විසින් සිදුකරන සමීක්ෂණ පිළිබඳව නොමග නොයන ලෙසට ඡන්ද දායකයින්ගෙන් මැතිවරණ කොමිසම ඉල්ලීමක් කරනවා.
සමීක්ෂණ මත පදනම්ව කිසිසේත්ම තමන්ගේ මතය වෙනස් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසනවා.