ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත කණ්ඩායමක් දිවයිනට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත කණ්ඩායමක් අද දිවයිනට පැමිණෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් මෙලෙස පැමිණෙනවා.

එම කණ්ඩායම ඔක්තෝබර් 04 වනදා දක්වා මෙරට රැඳීසිටීමට නියමිතයි.

එම ධූත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ නව රජයේ ආර්ථික විශේෂඥයින් පිරිසක් සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

එහිදී ඔවුන් මෙරට නව ආර්ථික වර්ධනයන් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහායෙන් ක්‍රියාත්මක ශ්‍රී ලංකා ආර්ථික වැඩසටහන යටතේ වන ආර්ථික ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන්ද සාකච්ඡා කිරීමට ද නියමිත බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රකාශකයෙක් සඳහන් කළේ.

ඊයේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අදහස් පළ කළ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා කියාසිටියේ, මූල්‍ය අරමුදලේ මෙම දූත කණ්ඩායම සමග මූල්‍ය අරමුදලේ වැඩසටහන පිළිබඳ මූලික සාකච්ඡාවක් පවත්වන බවයි.

එම වැඩසටහනෙහි ව්‍යුහාත්මක කරුණු පිළිබඳ සාකච්ඡාවක් ඔක්තෝම්බර් මස අග භාගයේදී නිව්යෝර්ක් නුවරදී පැවැත්වීමටද නියමිතයි.