ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ ඡන්ද විමසීමට දිනයක්

විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම් ක්‍රියාත්මක කිරීම සඳහා වූ යෝජනා සම්මතය පිළිබඳ විවාදය ජූලි මස 2 සහ 3 යන දිනවලදී පාර්ලිමේන්තුවේ දී පැවැත්වීමට නියමිතයි.

ඊට අදාළ ඡන්ද විමසීම ජූලි මස 3 වන දින සවස පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

එසේම ජූලි මස 02වනදා පෙ.ව 9.30ට පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක්ද කැඳවා ඇති බව වාර්තා වනවා.

මෙම කැඳවීම සිදුකර ඇත්තේ අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලීම පරිදි පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවල 16 ස්ථාවර නියෝගය ප්‍රකාරවයි.

එබැවින් ඊට පැමිණ සහභාගී වන ලෙස සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගෙන් ඉල්ලා සිටින බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා දැනුම් දෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!