සීනි බදු වංචාවේ පෙත්සම සලකා බලන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දිනයක්

පසුගිය පාලන සමයේ ආනයනික සීනි සඳහා පනවනු ලැබූ බදු අඩු කිරීමේදී රජයට රුපියල් කෝටි 1,590ක් පාඩු වූ බව පවසමින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකාබැලීමට අප්‍රේල් මස 02 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (12) නියෝග කළා.

ඊට අදාළ පෙත්සම ගොනුකර තිබුණේ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා විසින් .

මෙම පෙත්සම ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේදීයි කැඳවනු ලැබුවේ.

එහිදී විනිසුරු මඩුල්ල නියෝග කළේ මෙම නඩුවට අදාළ විරෝධතා තිබේනම් ඒවා අද දින සිට සති අටක් තුළ ගොනු කිරීමට පියවර ගන්නා ලෙසයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!