කිඹුලෙක් ඉන්දියාවේ කළ කලබලයක්

අඩි දහයක් පමණ දිග කිඹුලෙකු අද (29) ඇළකින් බඩගාගෙනවිත් උත්තර් ප්‍රදේශ් නගරය අසල සැරිසැරූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

මේ නිසා එම අවට ජීවත්වන ප්‍රදේශවාසීන් භීතියට පත්ව කලබලයක් ඇති වූ බවත් එමමාධ්‍ය වාර්තා කරනවා.

මේ සත්ත්වයා උත්තර් ප්‍රදේශ්හි Bulandshahr හි Narora Ghat අසල ඇළෙන් පිටතට පැමිණ තිබෙනවා.

පසුව කිඹුලා ඇළ අසල රේල් පීල්ලක් මතට නැගීමට උත්සාහ කරන අයුරු පටිගත කරන ලද වීඩියෝවල දැකගත හැකියි.

ප්‍රදේශවාසීන් පොලිසියට සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇති අතර ඔවුන් කිඹුලා අල්ලා ගැනීම සඳහා එම ස්ථානයට පැමිණ ඉක්මණින් පැමිණ ඇති බව වාර්තා වනවා.

නිලධාරීන් කිඹුලා අල්ලා ගැනීමට උත්සාහ කරන අවස්ථාවේ කිඹුලා නැවත වතුරට යාමට යකඩ වැටක් මතට නැග උත්සාහ කරන විට එය අසාර්ථක වී කිඹුලා බිම පතිත වනවා.

පසුව කිඹුලා අල්ලා ගැනීම සඳහා වන නිලධාරින් එම සත්ත්වයාගේ හිස රෙද්දකින් වසා, ගලවා ගැනීමේ කණ්ඩායමට පහර දීම නැවැත්වීම සඳහා උගේ අත් පා බැඳීමට උත්සාහ කර තිබෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!