රිය අනතුරකින් අඹුසැමි යුවලක් ජීවිතක්ෂයට

අකුරැස්ස බෝපගොඩ ප්‍රදේශයේ සිදුවු අනතුරකින් අඹුසැමි යුවළක් මියගොස් තිබෙනවා.

යතුරුපැදියක් වෑන් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුවූ බවයි පොලිසිය පැවසුවේ.

අනතුරෙන් මියගොස් ඇත්තේ 38 හැවිරිදි යතුරුපැදිකරු සහ ඔහුගේ 32 හැවිරිදි බිරිඳයි.

ඇය මෙදේරිපිටිය කණිෂ්ඨ විද්‍යාලයේ ආචාර්යවරියක්.

අනතුර සම්බන්ධයෙන් වෑන් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර අකුරැස්ස පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.