ගාසා තීරයේ සටන් විරාමයක්

ඊශ්‍රායලය සැප්තැම්බර් මාසයේදි සටන් විරාම මාලාවකට එකඟවී තිබෙනවා.

ගාසා තීරයේ ජීවත්වන කුඩා දරුවන් හට පෝලියෝ එන්නත ලබාදීම සඳ එක්සත් ජාතින්ගේ සංවිධානය සහා ඊශ්‍රායල නිලධාරින් සාකච්චාවකින් අනතුරුවයි මෙම තීරණයට එළඹ ඇත්තේ.

ගාසා තීරයේ ළමුන් 640,000 කට පමණ එන්නත් කිරීම මෙහිදි අරමුණු කරගෙන තිබෙනවා.

පසුගිය ජුනි මාසයේදී තීරුවේ ඇති අපද්‍රව්‍ය සාම්පල පරීක්ෂාවට ලක් කිරීමෙන් පසු අධික ලෙස රෝගි වෛරසය සොයා ගෙන තිබෙනවා.

බටහිර ඉවුරේ සහ ගාසා තීරයේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) නියෝජිත ” රික් පීපර්කෝන් ” වීඩියෝ තාක්ෂණය ඔස්සේ මාධ්‍ය දැනුවත් කරමින් පැවසුවේ සටන් විරාමය සැප්තැම්බර් 1 වනදා ආරම්භ වන අතර එය අදියර තුනකට සිදුවන බවයි.

එආ අනුව මධ්‍යම ගාසාවේ දින තුනක්, පසුව දකුණු ගාසා සහ උතුරු ගාසා තීරයේ දරුවන් එන්නත් කිරීම සිදු වනවා.

ගාසා තීරයට නැවත පෝලියෝ පැමිණීම ,මාස 10කට වැඩි කාලයක් ගාසා තීරයට ඊශ්‍රායලය බෝම්බ හෙලීමෙන් සිදු වූ විනාශයේ ප්‍රමාණය පෙන්වීමක් බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතයා සඳහන් කළේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත වලට අනුව, 2022 දී පෝලියෝ එන්නත් ආවරණය 99% ක් ලෙස ඇස්තමේන්තු කර තිබුනද මේ වසර ආරම්භයේදී එය 90% දක්වා පහත වැටී ඇති බවත් එය ව්‍යාප්ත වීම වැලැක්වීම සඳහා 90% කට වඩා වැඩි ආවරණයක් අවශ්‍ය බවද බටහිර ඉවුරේ සහ ගාසා තීරයේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) නියෝජිත ” රික් පීපර්කෝන් ” තවදුරටත් සඳහන් කළා.