ලොවම සෙවූ ටයිටන් ට සිදු වූ විපත

අතුරුදහන් වූ ටයිටන් කුඩා සබ්මැරීන‍ය ව්‍යසනකාරී පිපිරීමකට ලක්ව ඇති බවත් එහි ගමන් කළ පුද්ගලයින් පස්දෙනා මියගොස් ඇති බවත් අමෙරිකානු වෙරළාරක්ෂක බළධාරීන් තහවුරු කර තිබේ.

ටයිටැනික් කෞකාවේ සුන්බුන්වලට අඩි 1500ක් පමණ ආසන්නයේ තිබී සබ්මැරීනයේ කොටස් 5ක් සොයා ගත් බව එම දෙපාර්තමේන්තුවේ රියර් අද්මිරාල් ජෝන් මෝගර් ප්‍රකාශ කර තිබේ

මෙම සිද්ධියෙන් මිය ගියේ Ocean Gate ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා වන 61 හැවිරිදි ස්ටොක්ටන් රෂ්, 58 හැවිරිදි බ්‍රිතාන්‍ය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෙක් වන හමීෂ් හාර්ඩින්, 77 හැවිරිදි ප්‍රංශ කිමිදුම්කරුවෙකු වන පෝල් හෙන්රි, 48 හැවිරිදි පාකිස්තාන කෝටිපති ව්‍යාපාරික ෂසාදා ඩාවුඩ් සහ ඔහුගේ 19 හැවිරිදි පුත්‍රයා සුලෙයිමාන් ඩාවුඩ් යන අයයි.

ඒ සමඟ ටයිටන් සබ්මැරීනය සෙවීමේ දැවැන්ත මෙහෙයුම් කටයුතු මේ වන විට අවසන් කර ඇත.

මේ අතර ජීවිතක්ෂට පත්වූවා යැයි විශ්වාස කෙරෙන පුද්ගලයින්ගේ මළ සිරුරු සොයාගැනීමට සහ ගොඩබිමට ගෙන ඒමට නොහැකි වී තිබෙන අතර, ඊට හේතුව වශයෙන් සඳහන් කර සිටින්නේ, අදාළ අනතුර සිදුවුවා යැයි සැලකෙන ප්‍රදේශයට ප්‍රවේශ වීමේ ඇති අපහසුතාව නිසාය.

ගිලී ගිය ටයිටැනික් නෞකාවේ සුන්බුන් නීරීක්ෂණය සඳහා අදාළ සබ්මැරීනය පසුගිය ඉරිදා අත්ලාන්තික් සාගරය වෙත පිටත්වී ගොස් තිබුණි.

පැය එකහමාරකට පමණ පසු සබ්මැරීනය සමග පැවති සබඳතා බිඳ වැටුණු බව එම ගමන සංවිධානය කළ ඕෂන් ගේට් සමාගම පැවසීය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *