වයස අවුරුදු 101 දී මවක් සිය 17 වැනි දරුවාද බිහිකරයි

ඉතාලියේ නාපෝලි (Napoli) නගරයේ ඡිවත්වන, Anatolia Vertadella තම, 101 වැනි අවුරුද්දෙදී , මතභේදාත්මක ඩිම්බකෝෂ බද්ධ කිරීමකින් පසු තුරකියේ රොහලක සිය 17 වැනි දරුවා මෙම මස 12 වැනිදා බිහි කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අන්තෝලියා සිය ඩිමිබ කෝෂය බද්ද කලේ උපතේදී පැවති ඩිමිබකෝෂයට ඇගේ වයස 49 දී පිළිකාවක් වැළදීම හේතුවෙනි කෙසේ වෙතත් ඉතාලි වෛද්‍ය වෘත්තිකයන් හස ඉතාලියේ නාපෝලි රෝහල් ඇගේ දරු උපතට ශල්‍යකර්මයක් කිරීමේ දැඩි විරෝදය නිසා අන්තෝලියාට තුර්කි රොහලක පිහිට පැතීමට සිදුවී ඇත.

නීතිවිරෝධී සහ මතභේදාත්මක ශල්‍යකර්ම මෙහෙයුම තුර්කියේ පෞද්ගලික සායනයක සිදු කරන ලද අතර එහිදී ඩිම්බකෝෂ බද්ධ කිරීම පිළිබඳ යුරෝපීය නීති අදාළ නොවූ බවත් වාර්තා වේ.

“මෙම මෙහෙයුම තුර්කියේ සම්පූර්ණයෙන්ම නීත්‍යානුකූල වූ අතර විශේෂඥ ශල්‍ය වෛද්‍යවරුන් අතළොස්සක් විසින් සිදු කරන ලදී. කාන්තාව ඇගේ වයසට සරිලන සේ හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන අතර, ඇගේ දරුවා සමඟ දුක සැප බෙදා ගැනීමට ඇයට තවමත් හොඳ වසර ගණනාවක් තිබෙන බව මම පුරෝකථනය කරමි. මෙලොව බොහෝ දරුවන් උපදින්නේ අනවශ්‍ය හෝ අහම්බෙනි. මේ දරුවා දරුවෙකු වුවමනා සහ ඒ දරුවාට ආදරය කරන ආදරණීය මවකගේ නිවසක ජීවත් වන බව දැන ගැනීම සුන්දර දෙයක් නොවේද? ” ශල්‍යකර්මය කල තුර්කි වෛද්‍ය කන්ඩායමේ ප්‍රධානියා මෙවැනි අදහසක් පළ කර ඇති බව වාර්තා වේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *