සරණාගත බෝට්ටු අනතුරින් මරණ 78ක්; 600ක් අතුරුදහන් 

සරණාගතයින් සහ සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවක් ග්‍රීසියට ඔබ්බෙන් ගිලී යාමෙන් 78 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී විශාල සංඛ්‍යාවක් අතුරුදහන් වී ඇත. 

සරණාගතයින් සහ සංක්‍රමණිකයන් රැගත් මෙම ධීවර යාත්‍රාව ග්‍රීසියේ දකුණු වෙරළට ඔබ්බෙන් එනම් පෙලෝපොනිස් වෙරළට ඔබ්බෙන් පයිලෝස් සිට නිරිත දෙසින් නාවික සැතපුම් 47 (කිලෝමීටර් 87) දුරින් ජාත්‍යන්තර මුහුදේ ගිලී ගොස් ඇතැයි ග්‍රීසියේ වෙරළාරක්ෂක බලකාය සඳහන් කර ඇත.  

මෙම ස්ථානය මධ්‍යධරණී මුහුදේ ගැඹුරුම ප්‍රදේශයකට ආසන්න බවත් එම ප්‍රදේශයේ පවතින දැඩි සුළං තත්ත්වය හේතුවෙන් ජීවිත ගලවා ගැනීමේ මෙහෙයුම ඉතා සංකිරීණ වී ඇති බවත් ජීවිතාරක්ෂක මෙහෙයුම් නිලධාරින් මාධ්‍යවෙත සදහන් කර තිබේ. 

මේ වන විට පුද්ගලයින් 100 දෙනෙකුගේ පමණ බේරාගෙන ඇති බව වෙරළාරක්ෂක බලකාය සඳහන් කර ඇත. 

ජීවිත ගලවා ගැනීමේ මෙහෙයුම සඳහා වෙරළාරක්ෂක යාත්‍රා හයක්, පෞද්ගලික යාත්‍රා කිහිපයක්, නාවික හමුදාව, හමුදාව හා ගුවන් හමුදාව සහය ලබා දී ඇත. 

මගීන් කී දෙනෙක් මෙම යාත්‍රාව භාවිතා කරද යන්න තවම නිශ්චිතව වාර්තා නොවීම හේතුවෙන්  ජලයේ ගිලී ගිය හෝ යාත්‍රාවේ සිරවී සිටිය සංඛ්‍යාව කොපමණද යන්න නිශ්චිතව සඳහන් කළ නොහැකි බව එරට රජය දන්වා තිබේ. 

මෙම යාත්‍රාවේ සිද්ධිය සිදුවන අවස්ථාවේ 750කට අධික පිරිසක් සිටින්නට ඇතැයි සැක පළ කළ හැකි බව ද එරට නාවික හමුදාව වැඩිදුරටත් සදහන් කර ඇත. 

මාක් සිල්වා

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *