යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය ඉවත් කිරිම ගැන රජයේ ස්ථාවරය

යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය ඉවත්කිරීමේ සූදානමක් පිළිබඳව පැතිර යන පුවත ගැන ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා අදහස් දක්වයි .

ඒ අනුව ඔහු පවසනුයේ එවැනි කිසිම සූදානමක් නැති බවයි .

මෙවැනි අසත්‍යය සහ සංවේදී තොරතුරු ප්‍රචාරය කරන පුද්ගලයින් හේතුවෙන්, සමාජය තුළ අනවශ්‍ය බියක් නිර්මාණය වීම අයහපත් තත්ත්වයක් බව ආරක්ෂක ලේකම්වරයා පෙන්වාදෙයි. සත්‍යතාවයකින් තොර මෙවැනි අසත්‍ය කරුණු සමාජගත කිරීමට එරෙහිව නීත්‍යානූකූල ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව ඔහු වැඩි දුරටත් පවසයි .