වසර 33 පසු චෙකෝව්ගේ සන්ධ්‍යාව යළිත් වේදිකාවට

ඇන්ටන් චෙකෝව්ගේ 166 වන ජන්මදින සංවත්සරය (2026 ජනවාරි 29) සහ ඩකෝව් සන්ධ්‍යාව නිර්මාතෘ මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රගේ 88 වන ජන්ම දිනය (2026 ජනවාරි 28) එකට සැමරීම සඳහා සුනන්දයන් විසින් සන්නිවේදනාත්මක රංග අධ්‍යනයක් ලෙස නිෂ්පාදනය කොට අධ්‍යක්ෂණය කළ චෙකොව් සන්ධ්‍යාව නාට්‍යය නව නිෂ්පාදනයක් ලෙස 2026 ජනවාරි 29 වන දින බොරැල්ල නාමෙල් මාලිනි පුංචි තියටර් රංග ශාලාවේදී පස්වරු 3.30 ට සහ 6.30 ට රංගගත වේ. චෙකෝව් සන්ධ්‍යාව නාට්‍ය කෘතියේ නව මුද්‍රණය ද සරසවි ප්‍රකාශනයක් ලෙස මෙදින එළිදැක්වීමට නියමිත ය.

චෙකෝව් සහ ඔහුගේ රංග කළමනාකරු අතර සිදුවන සංවාදයක් මධ්‍යස්ථ කරගනිමින්, චෙකොව්ගේ ප්‍රකට හා අප්‍රකට කෙටි නාට්‍ය කිහිපයක් එකම වේදිකාවක රංගගත කිරිම මෙම නිර්මාණයේ සුවිශේෂී රංග පටිපාටියයි. එම කෙටි නාට්‍ය කිහිපයට ‘දුම්කොළ (On Harmful Effects of Tobacco), කුරිරු විහිළුවක් (based on “Nincompoop” short story), ගමේ ගිම්හානය, (A Summer in Country), ‘දායාදය’ (The Proposal), සහ ‘හංස ගීතය’ (Swan Song) ඇතුලත් වෙයි .

රවිඳු මහේන්ද්‍ර, ප්‍රසන්නජිත් අබේසූරිය, වසන්ත මොරගොඩ, සෙනෙවිරත්න රුද්‍රිගු, ජයනි සරස්චන්ද, ඉන්දික ජයසිංහ සහ අජිත් සිරිමාන්න රංකයෙන් දායක වෙති. සංගීතය ගයාන් ගණකධාර ගෙනි. වෙස් නිමැවුම ජගත් පද්මසිරිගෙනි . වසර 33 කට පසුව රංගගත වන වෙකෝව් සන්ධ්‍යාව නව නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය රවිඳු මහේන්ද්‍ර විසිනි.

චෙසොව් සන්ධ්‍යාව මුල් අධ්‍යක්ෂණය ප්‍රථම වරට රංගගත වූයේ 1991 නොවැම්බර් 2 වන දින කොළඹ සෝවියට් සංස්කෘතික මන්දිර නෘත්‍ය ශාලාවේදී ය. නාට්‍ය කලා හා රංගාව බෝධ උසස් පාඨමාලාවේ සිසුන් සහ ගුරුවරුන්ගේ ප්‍රයත්නයක් ලෙස මෙම කෘතිය ද නාට්‍යය ද එදින එළිදැක්විණ . නව නිෂ්පාදනයට රංගනයෙන් දායක වන රවිඳු මහේන්ද්‍ර, වසන්ත මොරගොඩ, සෙනෙවිරත්න රුද්‍රිගු සහ අජිත් සිරිමාන්න මුල් නිෂ්පාදනයටද රංගනයෙන් දායක වූ පාඨමාලා සිසුහු වෙති. ජගත් පද්මසිරි නව නිෂ්පාදනයේ සේම මුල් නිෂ්පාදනයේ ද වෙස් ගැන්වුමට දායක විය. මුල් නිෂ්පාදනයට දායක වී මෙලොව හැරගිය සුනන්ද උපුල් ශාන්ත, ශාස්ත්‍රී මල්ලවආරච්චි සහ නලින් ප්‍රදීප් උඩුවෙල රංගදායකයින් ගෞරවාදරයෙන් සිහිපත් කෙරේ.

මුල් කෘතියේ ‘දුම්කොල . ‘ගමේ ගිම්හානය, කුරිරු විහිළුව’ සහ ‘ මංගල සාදය’ යන කෙටි නාට්‍ය මුල් කෘතිය සදහාම ඉංග්‍රීසි බසින් සිංහලට පෙරලනු ලැබුවේ මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර විසිනි. චෙකොව්ගේ The Proposal සහ Swan Song අවසර සහිතව උපුටා ගත් අන්සතු පරිවර්තන වන හෙයින් නව නිෂ්පාදනය සඳහා රවිඳු මහේන්ද්‍ර විසින් නව පරිවර්තන සිදු කරන ලදි.

චෙකොව්ගේ The Proposal රුසියානු මුල් කෘතිය සහ විවිධ ඉංග්‍රීසි පරිවර්තන ආශ්‍රය භූමිකොට ගෙන නව නිෂ්පාදනය සඳහා දායාදය යනුවෙන් අනුවර්තනය විය. Swan Song කෘතිය පාදක කොටගෙන හංස ගීතය නව අනුවර්තනය ද සිදු විය.