වාහන හොරෙක් පලායමින් සිටි ලොරියේ ගැටී අයෙක් මරුට.

කඳාන ශාන්ත මරියා මාවතේ නිවසක් ඉදිරිපිට නතර කර තිබියදී සොරාගත් ලොරියකින් පලා යමින් සිටි පුද්ගලයෙක් සිදුකළ අනතුරකින් එක් අයෙක් මියගොස් ඇත .

මෝටර් කාර්මිකයෙක් විසින් මෙම ලොරිය සොරකම් කර පලායමින් සිටියදී එහි හිමිකරු තවත් කිහිපදෙනෙක් සමග එය පසු පස යතුරු පැදි කිහිපයකින් හඹා ගොස් ඇත. පලා යමින් සිටි සැකකරුගේ ලොරිය ඉදිරියෙන් පැමිණෙමින් තිබූ යතුරු පැදි දෙකකක් ගැටී ඇත . එලෙස ගැටුන ලොරිය මාර්ගයේ පෙරළී ගොස් අති අතර, අනතුරුව ලොරිය පැහරගත් පුද්ගලයා අල්ලා පොලිසියට බාරදී ඇත.

එම අනතුරින් යතුරු පැදි දෙකේ ගමන් කළ පුද්ගලයන් සිව් දෙනෙක් තුවාල ලබාඇති අතර ඉන් එක් අයෙක් මියගොස් ඇත . අනතුරින් මියගොස් ඇත්තේ ගම්පහ උග්ගල්බඩ ප්‍රදේශයේ පදිංචි ජේ ඒ පි හේමන්ත නැමැති 43 හැවිරිදි පුද්ගලයෙක්.