ළමුන් දෙදෙනෙකු මරාදැමූ ටෙක්සාස් වෙඩි තැබීමට කාන්තාවක් අත් අඩංගුවට .

ටෙක්සාස් හි ඇන්ග්ලෙටන් හි හූස්ටන් හී ඊයේ සිදු වූ වෙඩි තැබීමකින් ළමුන් දෙදෙනෙකු මිය ගොස් තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා ඇති බව සී.එන්.එන් ප්‍රවෘත්ති සේවය වාර්තා කරයි.

මෙම වෙඩි තැබීම පිළිබඳ මාධ්‍යට කරුණු දැක්වූ නාගරික ප්‍රධානි කාර්යාලය පවසනුයේ වයස අවුරුදු 13 සහ 4 යන ළමුන් දෙදෙනෙකු මියගොස් ඇති අතර වයස අවුරුදු 8 සහ 9 අතර අසාධ්‍ය තත්ත්වයෙ පසුවූ ළමුන් දෙදෙනෙකු වෛද්‍ය හෙලිකොප්ටරයකින් රෝහල් ගතකරනා ලද බවයි .

“වාසනාවකට මෙන්, තුවාල ලැබූ දරුවන් දෙදෙනා දැන් ස්ථාවර තත්ත්වයේ පසුවෙති,” ටෙක්සාස් නගරික ප්‍රධානීගේ මහජන කටයුතු නිලධාරි මැඩිසන් පොල්ස්ටන් පවසූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි .

වෙඩි තැබීම සම්බන්ධයෙන් කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇති බව පොල්ස්ටන් පැවසීය.