හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නන්දන ගුණතිලක සහ උදය ගම්මන්පිලට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත්ව ඇත .
අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය විසින් ඊයේ දිනයේදී ගොනුකර ඇති මෙම පැමිණිල්ල මගින් නන්දන ගුණතිලක සහ උදය ගම්මන්පිල යන දෙදෙනා අල්ලස් කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වන රංග දිසානායක ට අපහාස කළ බවට චෝදනා කර ඇත .
එම හිටපු මන්ත්‍රීවරුන් විසින් සිදු කරන ලද ප්‍රකාශ මගින් අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට අපහාසයක් සිදුව ඇතිබවත්, එය 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතේ 118 වගන්තිය යටතේ කොමිෂන් සභාවට සිදු කරන ලද අපහාසයක් ලෙස සලකෙන බවත් එම පැමිණිල්ල මගින් කිය වේ.