විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම අතර හමුවක් විපක්ෂ නායක කාර්යාලයේදී අද පැවැත්විනි .
ඔක්තෝබර් 1 වැනිදා සිට ක්‍රියාත්මක S VAT පහසුකම ඉවත් කිරීම නිසා අප රටේ අපනයනකරුවන්ට විශාල හානියක් සිදුවන බව එහිදී විපක්ෂ නායකවරයා IMF නියෝජිතයින්ට පෙන්වා දී තිබෙනවා.
එමෙන්ම S VAT පහසුකම ඉවත් කිරීම වහාම නතර කරන ලෙසත් ඒ සඳහා පියවරක් ගන්නා ලෙසත් එය අප රටේ අපනයන ක්ෂේත්රයට හිතකර දෙයක් බව සඳහන් කළ විපක්ෂ නායකයා S VAT පහසුකම අප රටේ අපනයනකරුවන්ට අහිමි කිරීමෙන් පසු එයට විකල්පයක් වැඩපිළිවෙළක් රජයෙ හඳුන්වා දී නැති බවද අවධාරණය කළේය .
එමෙන්ම IMF නියෝජිතයන් හමුවේ වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසූවේ රටේ ආර්ථිකයට සහ රැකියා නියුක්තියට විශාල දායකත්වයක් ලබා දෙන ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් පරාටේ නීතිය ක්‍රියාත්මක වීම නිසා විශාල අගතියකට පත්ව ඇති බවයි.
මෙම අවස්ථාව සඳහා විපක්ෂය නියෝජනය කරන රවුෆ් හකීම්, බදුර්දීන්, හර්ෂද සිල්වා, කබීර් හෂිම් යන මන්ත්‍රීවරු ද එක්ව සිටීහ .