මත්ද්‍රව්‍ය ගෙනඒමේ චෝදනාව මත මේ වන විට අත් අඩංගුවට ගෙන සිටින සනත් වීරසිංහ හෙවත් “පුවක් දණ්ඩාවේ සනා” ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රබල ආධාරකරුවෙක් බව හිටපු අමාත්‍ය විමල් වීරවංශ පැවසීය .
වැඩි දුරටත් අදහස් දක්වමින් ඔහු පැවසූවේ හම්බන්තොට දිස්ත්‍රික්කයට මත්ද්‍රව්‍ය බෙදන්නේ ඔහු බවත්, මීට පෙර වාතාවක් ඔහු අත් අඩංගුට ගත් නමුත් ජ.වි.පෙ ආධාරකරුවන්ගේ බලපැම මත නිදහස් කිරීමට පොලිසියට සිදු වු බවත් ය. අද කොළඹදී මාධ්‍ය අමතමින් ඔහු පැවසීය.
සනත් වීරසිංහ යනු ජනතා විමුක්ති පෙරමුණේ ඉතාම හිතවත් පුද්ගලයෙක් වන අතර, සෑම අතින්ම පෙරමුණට සහයෝගය දක්වන, මුදල් අතින් වියදම් කරන පුද්ගලයෙක් බවත් ජවිපෙ නායකයා එම ප්‍රදේශයේ රැස්වීම්වලට පැමිණි විට දිවා ආහාරය හෝ රාත්‍රී ආහාරය සම්පාදනය කර අවශ්‍ය සම්පූර්ණ සහයෝගය ලබා දෙන්නේ මොහු බව වීරවංශ සඳහන් කරයි. මෙම ආහාර සම්පාදනයට උමේශ් නමැති ඔහුගේ මිත්‍රයෙක්ද සහය වන බව ඔහු පැවසීය.
මොහු තම බෝට්ටු භාවිත කරමින් මත්ද්‍රව්‍ය තොග පිටින් රටට ගෙනැවිත් ඇති බවට පැහැදිලිවම අනාවරණය වී ඇති බවත් , සමජ මාධ්‍ය මගින් එල්ලකළ පීඩනය නිසා නැවත වරක් ඔහු අත් අඩංගුවට ගන්නට පොලිසියට සිදුව ඇති බව ඔහු පැවසීය .