”හරීන්ට එරෙහි අල්ලස් චෝදනාව බොරුවක්” අල්ලස් කොමිසම පවසයි

හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සහ ජාතික තරුණ සේවා සභාවේ හිටපු සභාපති පසිඳු ජයවර්ධනට එරෙහිව පුරවැසි බලය සංවිධානය ගොනුකර තිබූ පැමිණිල්ල ඉවත දැමීමට අල්ලස් හෝ දූෂණ වැලැක්වීමේ කොමිසන් සභාව තීරණය කර ඇත.

ඒ බව එම කොමිෂන් සභාව විසින් තමාට දැනුම් දී ඇතැයි පැමිණිල්ල ගොනුකළ පුරවැසි බලය සංවිධානයේ කමන්ත තුෂාර මාධ්‍යට පැවසීය .

2024 ජනවාරි සිට අගෝස්තු දක්වා කාලය තුළ තරුණ සේවා සභාවේ රුපියල් මිලියන 535 ක මූල්‍ය වංචාවක් සිදුවූ බව පවසමින් හිටපු අමාත්‍ය හරීන් ප්‍රනන්දුට සහ සහ තරුණ සේවා සභාවේ හිටපු සභාපති පසිඳු ගුණවර්ධනට එරෙහිව අල්ලස් හෝ දූෂණ වැලැක්වීමේ කොමිසම වෙත පුරවැසි බලය සංවිධානය මෙම පැමිණිල්ල යොමුකර තිබුනි.

හිටපු අමාත්‍යවරයා සහ තරුණ සේවා සභාවේ හිටපු සභාපතිවරයාට එරෙහිව දූෂණ විරෝධී පනත යටතේ කටයුතු කිරීමට ප්‍රමාණවත් කරුණු අනාවරණය නොවූ බැවින්, ඉදිරි කටයුතු සිදුනොකිරීමට කොමිෂන් සභාව තීරණය කර තිබේ.