බුදු සසුන විකෘති කරන මතවාදී හා ක්‍රියාකාරම්වලින් පතුරවනා සමන්විත පුද්ගල හා කණ්ඩායම් මැඩපැවැත්විම සඳහා බුද්ධ ශාසන සභාවක් පිහිටුවීමට බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
ත්‍රෛනිකායික මහා සංඝරත්නය පෙරටු කරගනිමින් ‘බුද්ධශාසන සභාව පිහිටුවීම’ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවිගේ ප්‍රධානත්වයෙන් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේදී ඊයේ (01) සිදුකෙරිණි.
ජනතාවගේ අපේක්ෂාවන්ට සමගාමීව බෞද්ධ ආගමික සමාජයත් රාජ්‍ය පාලනයත් සමපාත වන වැඩපිළිවෙළක් ඔස්සේ ක්‍රියාත්මක කිරීම මෙහි අරමුණයි.
ශ්‍රී ලංකාවේ බුදු සසුනෙහි සමස්ත වගකීම් දරන සියම්, අමරපුර සහ රාමඤ්ඤ යන නිකායත්රයට අයත් පාර්ශ්ව 31ක මහා ලේඛකාධිකාරී ස්වාමීන්වහන්සේලා සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා විසින් පත්කරන ස්වාමින්වහන්සේලා සිවු නමක් සහ ගිහි නියෝජිතයකු ද මේ කමිටුවට ඇතුළත් වේ.
විෂය භාර අමාත්‍යවරයාගේ සහ නියෝජ්‍ය අමාත්‍යවරයාගේ කැඳවුම්කාරකත්වයෙන් යුක්ත මෙම සභාවෙහි අනෙක් ගිහි සාමාජික පිරිස වන්නේ අමාත්‍යාංශ ලේකම්වරයා, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා, අමාත්‍යවරයාගේ සහ නියෝජ්‍ය අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම්වරු දෙපළ, අමාත්‍යවරයාගේ සහ නියෝජ්‍ය අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරු දෙපළයි.