ඉන්දීය මානව හිමිකම් ජාතික කවුන්සලයේ ලේකම් ජනරාල්සහ මිලින්ද මොරගොඩ අතර හමුවක්

ඉන්දීය මානව හිමිකම් ජාතික කවුන්සලයේ ලේකම් ජනරාල් සහ ප්‍රධාන විධායක භාරත් ලාල් මහතා පසුගිය දා කොළඹට පැමිණි අතර පාත්ෆයින්ඩර් පදනම නිර්මාතෘ මිලින්ද මොරගොඩ මහතා මුණ ගැසිණ.
හිටපු ජ්‍යෙශ්ඨ සිවිල් නිලධාරියෙකු වන හෙතෙම ඉන්දීය රාජ්‍ය සේවයේ අඩ සිය වසරක අත්දැකීම් සහිතය. මානව හිමිකම් ක්ෂේත්‍රයේ නව ප්‍රවණතා සම්බන්ධව මෙහි දී මිලින්ද මොරගොඩ සහ භාරත් ලාල් මහත්වරු අතර අදහස් හුවමාරු කරගෙන තිබේ. බටහිරට අවශ්‍ය කෝණ අනුව දකුණු ආසියානු රටවල මානව හිමිකම් ගැන සාකච්ඡා කිරීම සුදුසු නැති බව මෙහි දී අවධාරණය වී ඇත. කලාපයේ අනන්‍යතා ආරක්ෂාවන පරිදි මානව හිමිකම් සම්බන්ධ අලූත් පැතිකඩක් ස`දහා උත්සාහයක අවශ්‍යතාව ගැන ද මෙහි දී අදහස් හුවමාරු කරගෙන තිබේ.

රාජ්‍ය පාලනය, මානව හිමිකම්, පරිසර සාධක,තිරසාර සංවර්ධනය, ජන ජීවිත උසස් තත්ත්වයකට නැඹුරු කිරීම සදහා පලදායී මෙහෙවරක නිරතවීම සහ කාන්තා හා අවධානය යොමුවිය යුතු ජන කොටස් කෙරෙහි කටයුතු කිරීම වැනි අංශවල හසල අත්දැකීම් සහිත භාරත් ලාල් මහතා සිය දැනුම ශ්‍රී ලංකාවේ අවශ්‍යතා සදහා ඛෙදාගැනීමේ සූදානම ගැන ද මෙහි දී මිලින්ද මොරගොඩ මහතාට කරුණු දක්වා ඇත.