ජපානයේදී ලංකවේ තේ සදහා නොබෙල් ත්‍යාගය ලැබුණ බවට සුනිල් හදුන්නෙත්ති ඇමැතිවරයා කළ ප්‍රකාශය අත්වැරදීමකින් සිදුවූ බවත්, ඒ ගැන තමන් කණගාටු වන බවත් ඇමැතිවරයා තමන්ගේ ෆේස් බුක් පිටුවේ සටහනක් තබමින් ප්‍රකාශ කරයි.
ඔහු මෙම සටහන තැබීමට පෙර වීඩියෝවක් ෆේස් බුක් පිටුවේ පළ කර තිබුණි. කණගාටුවක් යනුවෙන් විශාල අකුරු සහතිව එම වීඩියෝව පළ කර විනාඩි කිහිපයකින් වීඩියෝව ෆේස් බුක් පිටුවෙන් ඉවත් කර තිබුණි.
කෙසේ වෙතත් ඉන් පසුව ඔහු වීඩියෝව වෙනුවට පෝස්ටුවක් පළ කර තිබේ.
එම පෝස්ටුව මෙසේය.
ශ්‍රී ලංකාවේ තේවල ගෝලීය කීර්තිය තවත් ඉහළ නංවමින්, ජපානයේ පැවති වෙන්දේසියකදී නිව් විතානකන්ද සිලෝන් කළු තේ (New Vithanakande Ceylon Black Tea) ලොව මෙතෙක් අලෙවි වූ ඉහළම මිල සහිත තේ ලෙස ගිනස් ලෝක වාර්තා අතරට එක් වී ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් පළ කිරීමේදී ‘ගිනස් වාර්තාවක්’ යන්න වෙනුවට ‘නොබෙල් තෑග්ගක් යන වචනය මා අතින් අත්වැරදීමකින් ප්‍රකාශයට පත් වූ අතර ඒ පිළිබඳව කණගාටු වෙමි.
මේ වනවිට මා වෙතින් සිදුවූ අත්වැරදීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ විවිධ සාවද්‍ය අර්ථකථන සහිත සංවාදයක් මතු වී තිබේ. විපක්ෂයේ ඇතැමුන් විසින් හිතාමතා මතුකරන මෙම බංකොලොත් සංවාදය පිළිබඳවද කණගාටු වෙමි.