විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාසගේ වත්කම් බැරකමි ප්‍රකාශය මේ වන විට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාවේ වෙබ් අඩවියේ ප්‍රදර්ශනය කර ඇතැයි සමගි ජන බලවේගය නිවේදනය කරයි
සජිත් ප්‍රේමදාසගේ වත්කම් බැරකම් ප්‍රකාශය සම්බන්ධයෙන් සමාජ ක්‍රියාකාරිකයෙක් වන කාමන්ත තුෂාර විසින් අලල්ස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට අද උදෑසන පැමිණිල්ලක් ගොනු කර තිබේ. එයට ප්‍රතිචාර දක්වමින් සමගි ජන බලවේගය මේ බව සදහන් කර ඇත.
සජිත් ප්‍රේමදාසගේ වත්කම් බැරකම් ප්‍රකාශය පාර්ලිමේනත්ු මහ ලේකම්වරියට මීට පෙර භාරදී තිබූ බවත් අප්‍රේල් 23 වැනිදා දිනැති ලිපිය මගින් ඒ බව විපක්ෂ නායකවරයාට දැනුම්දී තිබූ බවද එම නිවේදනයේ දැක්වේ.
වත්කම් බැරකම් ප්‍රකාශයේ ඩිජිටල් ආකෘතියක් පුරවා අල්ලස් කොමිසමට ඊයේ දිනයේදී භාරදී තිබෙන බවද එය මෙසේ වෙබ් අඩවිය හරහා ප්‍රසිද්ධ කර ඇති බවද සමගි ජන බලවේගය වැඩිදුරටත් නිවේදනය කරයි.