කම්කරු ඇමැති – ලෝක කම්කරු සංවිධානයේ ප්‍රධානීන් අතර හමුවක්

ආසියා සහ පැසිපික් කලාපය සඳහා ජාත්‍යයන්තර කම්කරු සංවිධානයේ සහකාර අධ්‍යක්ෂ ජනරාල් සහ කලාපීය අධ්‍යක්ෂිකා කඕරි නකමුරා ඔසාකා, ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා ජාත්‍යයන්තර කම්කරු සංවිධානයේ මෙරට අධ්‍යක්ෂිකා ජෝනි සිම්ප්සන්  මහත්මින් සමඟ කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත, කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ, අමාත්‍යංශ ලේකම් එස්.එම්. පියතිස්ස, ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්  (විදේශ සබඳතා) බී. වසන්තන් යන මහත්වරුන් සමඟ විශේෂ සාකච්ඡාවක් අද (24) කම්කරු අමාත්‍යාශංයේ දි පැවැත්විණ.

පෞද්ගලික සහ වැවිලි, ධීවර, ඇතුළු කම්කරු ක්ෂේත්‍රයට වැදගත් කරුණු රැසක් මෙහිදී සාකච්ඡා කරනු ලැබු අතර  එම සෑම ක්ෂේත්‍රයකම නියැලෙන අයගේ ඵලදායිතාව වැඩි කිරීම, ඔවුන් මුහුණ දී සිටින ගැටලු, ඒ්වාට විසඳුම්, තාක්ෂණික සහයන් ලබා දීම, මානව සම්පත දියුණු කිරීම, ජාත්‍යයන්තර කම්කරු සංවිධානයේ සම්මුතින්වලට අනුගතව සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රම පුළුල් කිරීමට ඔවුන්ගේ සහය ලබා දීමට ද මෙහිදී එකඟත්වය පළ කෙරිණ.

එමෙන්ම ආසියා සහ පැසිපික් කලාපයේ ජීිවත්වීමට  සරිලන වැටුප් – ( Living Wage)  පිළිබඳව ඊයේ (23) කොළඹ ,  සිනමන් ලයිෆ් හීදි පැවැති සමාජ සාධරණත්වය සඳහා වූ ගෝලීය සන්ධානය යටතේ ප්‍රධාන මට්ටමේ කලාපීය වැඩමුළුව සාර්ථක බවට ද ප්‍රශංසා කළ ජාත්‍යයන්තර නියෝජිතවරියන් ඉදිරියේ දි ශ්‍රී ලංකාව සමග තවදුරටත් සහයෝගයෙන් වැඩ කිරිමට  සුදානම් බව ද මෙහිදී පැවසූහ.

ආසියා සහ පැසිපික් කලාපය සඳහා ජාත්‍යයන්තර කම්කරු සංවිධානයේ සහකාර අධ්‍යක්ෂ ජනරාල් සහ කලාපීය අධ්‍යක්ෂිකා කඕරි නකමුරා ඔසාකා මහත්මිය මෙහිදී විශේෂ සඳහනක් කරමින් කියා සිටියේ ඉතාම මිත්‍රශීලි ජනතාවගෙන් යුත් මෙම සංචාරය ඇය මහත් සේ සතුටට පත් කළ බවයි.

කම්කරු අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා එම නියෝජිත පිරිසට ස්තුති කරමින් කියා සිටියේ ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සම්මුතින්වලට අනුවත්, සේව්‍ය සේවක සියලු පාර්ශවයන් සමග සහයෝගීව කටයුතු කරන අතර මෙම ජාත්‍යන්තර සහයෝගීතාවය මහත් සේ අගය කරන බවයි.