අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායකගේ දරුව් කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත් කිරීම සම්බන්ධයෙන් එම පරීක්ෂණයක් පවත්වා ඇති බවත්, එහිදී කිසිදු දේශපාලන මැදිහත්වීමක් සිදුව නැති බවටත් කොමිෂන් සභාව නිවේදනය කරයි.
රංග දිසානායකගේ දරුවා කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත් කිරීම සම්බන්ධයෙන් සිවිල් සංවිධාන නියෝජිතයෙක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කර තිබුණි. හිටපු ඇමැති මනුෂ නානායක්කාර, එවකට අධ්‍යාපන ඇමැතිවරයාව සිටි බන්දුල ගුණවර්ධන හරහා දරුවා පාසලට යොමු කර ඇති බවද එම පැමිණිල්ලේ සදහන් විය.
මේ සම්බ්නධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විශේෂ විමර්ශනයක් කළ බව එම කොමිෂම නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි. කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට එරෙහිව ලැබුණ පැමිණිල්ලක් වන බැවින් ප්‍රමුඛ කරුණක් සේ සලකා මෙම පරීක්ෂණය පැවැත්වූ බවද එම නිවේදනයේ දැක්වේ.
අධිකරණ සේවා කොමිසමෙන් හා කොළඹ රාජකීය විද්‍යාලයෙන් මේ සම්බන්ධයෙන් වාර්තා කැදවූ බවද කොමිෂන් සභාව සිය නිවේදනයේ දක්වයි. ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශයේ මාර්ගෝපදේශ අනුව දරුවා පාසලට ඇතුළත් කර ඇති බවත් එම වසරේදී මෙම දරුවා පමණක් නොව අධිකරණ සේවයේ යෙදී සිටින අයගේ තවත් දරුවන්ද මෙම ක්‍රමවේදය අනුව රාජකීය විද්‍යාලයට ඇතුළත් කර තිබෙන බවද කොමිෂන් සභාව පවසයි. ඒ අනුව මෙහි අක්‍රමිකතාවයක් සිදුව නැති බවද වැඩිදුරටත් නිවේදනය කරයි.