මහජන බැංකුවෙහි අනුබද්ධිත සමාගමක් වන පිපල්ස් ලීසිං ඇන්ඩ් ෆයිනෑන්ස් පී එල් සී සමාගමට පූර්ණ අනුබද්ධිත පීපල්ස් මයික්‍රෝ – කොමර්ස් සමාගම තම 15 වන සුවිශේෂී සංවත්සරය ඉතා උත්කර්ෂවත් ලෙස පසුගිය සැප්තැම්බර් මස 02 වන දින කොළඹ හිල්ටන් හෝටලයේදී සමරණු ලැබීය.
මෙහිදී සමාගමේ අසමසම ජයග්‍රහණ සැමරීම සඳහා වෙළඳ හවුල්කරුවන් සහ මූල්‍ය හවුල්කරුවන්, ඇතුලු ගෞරවනීය ආරාධිතයින් හා 300 කට වැඩි PML කාර්ය මණ්ඩලයක් කොළඹ හිල්ටන් හෝටලයේ එකතු විය. සංස්කෘතිකාංග සහ පිළිගැනීම් ඇතුළත් මෙම උත්කර්ෂවත් සන්ධ්‍යාව, PML ප්‍රගතිය පිටුපස සිටින සේවකයින්ගේ හෘදයාංගම උත්සාහය සහ කැපවීම අභිමානවත් ලෙස සම්මාන පත්කළා පමණක් නොව, ශ්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන ක්ෂුද්‍ර මූල්‍ය ආයතනයක් ලෙස PML හි ඉස්මතු වීම ද අවධාරණය කළේය.
PML සමාගම යනු දැනට රුපියල් බිලියන හතකට වැඩි ණය කළඹක් ඉක්මවා ඇති,අක්‍රීය ණය(PNA)අනුපාතය 1.5%ණය සහ එකතු කිරීමේ අනුපාතය99.25%ක මට්ටමේ පවත්වා ගනිමින් ශ්‍රී ලාංකික ගනුදෙනුකරුවන් ලක්ෂයකට අධික සංඛ්‍යාවකට සිය ජීවිත සංවර්ධනයට උරදෙන ආයතනයකි.
මෙම සුවිශේෂී වර්ධනය සමරීම සඳහා අලෙවිකරණයේ සහ ණය එකතු කිරීමේ විශිෂ්ටත්වයේ සිට සහයෝගීතා සේවාවන් මෙන්ම කලාපීය සුපරික්ෂකවරුන්ගේ සහ ශාඛා නිලධාරීන්ගේ විශිෂ්ටත්වය අගය කරමින් සම්මාන 68 ක් පිරිනැමීය.
එමෙත්ම, සමාගමේ ප්‍රගමණයට දායක වූ සේවකයින් අතර දශකයක හෝ ඊට වැඩි සේවාවක් ඉටු කළ අය සඳහා විශේෂ සේවා සම්මානයක් ද පිරිනැමුණි.
එදින රාත්‍රියේ දැවැන්තම අවස්ථාව වූයේ සමාගමේ වර්ධනයට පරිවර්තනය බලපෑමක් ඇතිකළ අසමසම කැපවීම සහ විශිෂ්ට දායකත්වය දැක්වූ තනි සේවකයෙකුට හිමිවන සභාපති සම්මානය කැකිරාව ශාඛාව නියෝජනය කරමින් ලහිරු නුවන් මහතා හට පිරිනැමීමයි.
“මෙම සන්ධ්‍යාව තනි පුද්ගල ජයග්‍රහණ සමරවීමක් නොවේ.සෑම සම්මානයක්ම අපගේ කණ්ඩායමේ ශක්තියේ සහ සෑම සාර්ථක කතාවකටම පිටුපස සිටින පවුල් මිතුරන් හා ප්රජාවන්ගේ අසමසම සහයෝගය සංකේතයක්.මෙම සම්මාන අපට මතක් කර දෙන්නේ සෑම සංඛ්‍යාවක් පිටුපසම අප ස්පර්ශ කළ ජීවිත සහ අප එක්ව ගොඩනගා ඇති අනාගතයයි.ඔබ කරන සේවය සමස්ත ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන්ම බව මේ මගින් ඔබට මතක් වනු ඇති”
යනුවෙන් උත්සවය අමතමින් සභාපති දුලින්ද පෙරේරා මහතා පැවසීය.
අද රාත්‍රියේ අපි සංඛ්‍යාවලට වඩා වැඩි දෙයක් සමරනවා.PML හි වර්ධනය පෙර කිසිදා නොවූ තරම් විශාල වී තිබෙනවා.එය කළ හැකි වූයේ අපේ කණ්ඩායමේ කැපවීම ශක්තිය සහ අධිෂ්ඨානය නිසා පමණයි.මෙම අති විශිෂ්ට සන්ධ්‍යාව ඒ ආත්මයේ සජීවී පිළිබිඹුවක්.අප කොතරම් දුරක් පැමිණි ඇද්ද යන්න සැමරීමක්.ඒ වගේම ඉදිරියේ කිරීමටත් ඇති දේ පිළිබඳව පොරොන්දුවක් විදිහටත් මෙය හඳුන්වන්න පුළුවන්.”
යනුවෙන් පැවසුවේ ප්‍රධාන විධායක නිලධාරී වසන්ත ගුණවර්ධන මහතාය.