රාගම මෙල්ස්ටා රෝහල විසින් සිය අධ්‍යක්ෂක මණ්ඩලයේ නව සාමාජිකයෙක් වශයෙන් ප්‍රවීණ හෘදරෝග විශේෂඥ වෛද්‍ය සංජීව රාජපක්ෂ මහතා පත් කර ඇති බව නිවේදනය කර සිටී. වසර 25 කට වඩා වෛද්‍ය සේවා ක්ෂේත්‍රයේ අත්දැකීම් ඇති විශේෂඥ වෛද්‍ය සංජීව රාජපක්ෂ මහතා නව අධ්‍යක්ෂකවරයෙක් වශයෙන්, සිය වෛද්‍ය අත්දැකීම්වලට අමතරව නායකත්වය, උපායමාර්ගික දැක්ම, ක්ෂේත්‍රය සම්බන්ධ දැනුම සහ ප්‍රවීණත්වයද මෙල්ස්ටා රෝහලේ අභිවෘද්ධිය වෙනුවෙන් එහි කළමනාකාරීත්වය වෙත ගෙන එනු ඇත.
රුහුණු විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයෙන් සිය පළමු උපාධිය (MBBS, Upper Second Class with Distinction in Pediatrics, All-Island Rank 01) ලබා ඇති වෛද්‍ය සංජීව රාජපක්ෂ මහතා එක්සත් රාජධානියේ ඩෝර්සෙට් හෘද මධ්‍යස්ථානයේ සාමාන්‍ය සහ අන්තරායී හෘදරෝග (General and Interventional Cardiology) පිළිබඳව උසස් පුහුණුව ලබා, කොළඹ විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති වෛද්‍ය උපාධිය ලබා ඇත. එමෙන්ම වෛද්‍ය රාජපක්ෂ මහතා එක්සත් රාජධානියේ රාජකීය වෛද්‍ය සංගමය, යුරෝපීය හෘද රෝග සංගමය, ඇමෙරිකානු හෘදරෝග විද්‍යා සංගමය වැනි කීර්තිමත් ජාත්‍යන්තර වෛද්‍ය සංගමයන්හි සාමාජිකයෙක් වන අතර ඇමෙරිකා එක්සත් ජනපදයේ කොරොනරි ඇන්ජියෝග්‍රැෆි සහ ඉන්ටර්වෙන්ෂන් සමාජයේ (Society of Coronary Angiography and Intervention – USA) ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙක් වේ. හෘද රෝග විද්‍යාවේ ඉතා වැදගත් අංශ වන Percutaneous Coronary Interventions, Adult Structural Heart Disease, Echocardiography, CT Coronary Angiogram සහ Permanent Pacing වැනි අංශයන් පිළිබඳව විශේෂඥයෙක් වන ඒ මහතා වර්තමානයේදී රාගම, කොළඹ උතුර – ශික්ෂණ රෝහලේ හෘදරෝග විශේෂඥ වෛද්‍යවරයා වශයෙන්ද කටයුතු කරයි.
වෛද්‍ය සංජීව රාජපක්ෂ මහතා නව අධ්‍යක්ෂකවරයෙක් වශයෙන් පත්වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින්, රාගම මෙල්ස්ටා රෝහලේ සභාපති – රොයිල් ජෑන්ස් මහතා මෙසේ පැවසීය. “විශේෂඥ වෛද්‍ය සංජීව රාජපක්ෂ මහතා අපේ අධ්‍යක්ෂක මණ්ඩලයට අපි සාදරයෙන්, ගෞරවයෙන් පිළිගන්නවා. වෛද්‍ය රාජපක්ෂ මහතා වෛද්‍ය අත්දැකීම්වලට එහා ගිය ක්ෂේත්‍ර දැනුම, උපායමාර්ගික ඥානය, අනාගත දැක්ම සහ නායකත්වය වැනි ප්‍රබල හැකියාවන් රැසක් සමඟින් මෙල්ස්ටා රෝහලේ ප්‍රගතිය වෙනුවෙන් අප සමඟ එක්වන ප්‍රවීණ වෛද්‍යවරයෙක්. ජාත්‍යන්තර මට්ටමේ උසස් සුව සේවාවක් ලාංකික ජනතාවට දැරිය හැකි මිලකට ලබා දීම සඳහා වන අපේ මෙහෙයුමේදී, වෛද්‍ය මෙහෙයුම් සහ උපායමාර්ගික වැනි සිය`ඵ අංශයන්ගෙන් අපට ඔහුගේ දායකත්වය ලැබෙනු ඇති.”
මේ පිළිබඳව අදහස් දක්වමින් වෛද්‍ය සංජීව රාජපක්ෂ මහතා පැවසුවේ “ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගම් සමූහයක් වන මෙල්ස්ටාකෝප් සමූහයට අයත් ආයතනයක, පෞද්ගලික සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ක්‍රියාත්මක ප්‍රවීණතම අධ්‍යක්ෂක මණ්ඩලයක සාමාජිකත්වය ලැබීම විශාල ගෞරවයක්. ජාත්‍යන්තර ප්‍රමිතියේ පෞද්ගලික සෞඛ්‍ය සේවාවක් ශ්‍රී ලාංකික ජනතාවට දැරිය හැකි මිලකට ලබාදීම සඳහා වන මෙහෙයුමේ සාර්ථකත්වය වෙනුවෙන් මගේ අත්දැකීම් සහ ප්‍රවීණත්වය යොදා ගෙන, ලබා දිය හැකි උපරිම සහයෝගය ලබා දීමට මම අපේක්ෂා කරනවා.” යනුවෙනි.
කොළඹ උතුර/ගම්පහ දිස්ත්‍රික්කය ඇතු`ඵ විශාල ප්‍රදේශයක ජනතාවට, උසස් තත්ත්වයේ පෞද්ගලික වෛද්‍ය සේවාවන් පහසු මිලට ලබා දීම වෙනුවෙන් නම් දරා සිටින රාගම මෙල්ස්ටා රෝහල, අති නවීන පහසුකම්, උසස් රෝග නිර්ණය සේවාවන් පිළිබඳව මෙන්ම සිය Gastrointestinal, Urology සහ Kidney Transplant වැනි ප්‍රතිකාර අංශයන් සම්බන්ධයෙන්ද කීර්තියක් උසුලන පෞද්ගලික රෝහලකි. ඉතා කාර්යක්ෂම ඒකාබද්ධ කළමනාකරණ පද්ධතියක් යටතේ සිය මෙහෙයුම් සිදුකරන රාගම මෙල්ස්ටා රෝහල ISO 9001, ISO 22000, ISO 14001 සහ ISO 45001 යන ජාත්‍යන්තර ප්‍රමිතිකරණ සහතික ලබා ඇති අතර ඉදිරියේදී ජාත්‍යන්තර ප්‍රමිතිගත JCIසහතිකය ලැබීම සඳහා සුදුසුකම් සපුරා සිටී.
මූල්‍ය සවිය සහ ස්ථාවරත්වය වෙනුවෙන් කීර්තිමත් ෆිච් රේටින්ග්ස් වෙතින් AAA (lka) ශ්‍රේණිගත කිරීමක් හිමි මෙල්ස්ටාකෝප් සමාගමේ සාමාජිකයෙක් වන මෙල්ස්ටා හෙල්ත් සමාගමට අනුබද්ධිත රාගම මෙල්ස්ටා රෝහල ඉතා ප්‍රවීණ අධ්‍යක්ෂක මණ්ඩලයක නායකත්වය යටතේ මෙහෙයවෙන අතර වෛද්‍ය සංජීව රාජපක්ෂ මහතා නව සාමාජිකයෙක් වශයෙන් පත් වූ එම අධ්‍යක්ෂක මණ්ඩලයට අයත්වන අනෙකුත් සාමාජිකයින් වන්නේ : රාගම මෙල්ස්ටා හොස්පිටල්ස් සභාපති/මෙල්ස්ටාකෝප් සමූහයේ උප සභාපති – රොයිල් ජෑන්ස්, රාගම මෙල්ස්ටා හොස්පිටල්ස් අධ්‍යක්ෂක/මෙල්ස්ටාකෝප් සමූහයේ විධායක සභාපති – හසිත ජයවර්ධන, රාගම මෙල්ස්ටා හොස්පිටල්ස් විධායක අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී – වෛද්‍ය ත්‍යාගරාජා ඉරෙයිවන් සහ රාගම මෙල්ස්ටා හොස්පිටල්ස් අධ්‍යක්ෂක – සම්පත් පෙරේරා යන මහත්වරුන්ය.
රාගම මෙල්ස්ටා රෝහල/මෙල්ස්ටා හෙල්ත් සමාගම අයත් වන රුපියල් බිලියන 334 කට අධික වත්කම් ප්‍රමාණයක් සහ රුපියල් බිලියන 247 කට අධික ආදායම් වාර්තාවක් හිමි, මෙරට මූල්‍යමය වශයෙන් සවිමත්ම සමාගමක් වන අතර විවිධ ක්ෂේත්‍ර ගණනාවක් පුරා විසිරුණු ව්‍යාපාර අංශ ගණනාවක උපරිම සාර්ථකත්වය අත්පත් කරගෙන ඇති, මූල්‍ය සහ පරිපාලන ශක්තිය අතින් නම් දරා ඇති සමාගමකි. රාගම මෙල්ස්ටා රෝහල විසින් කෙටි කලක් තුළ පෞද්ගලික වෛද්‍ය සේවා ක්ෂේත්‍රය තුළ සිදුකළ දැවැන්ත පෙරළියකට හේතුසාධක වූ මූල්‍ය ශක්තිය, උපායමාර්ගික දැක්ම සහ මෙහෙයුම් කාර්යසාධනය වැනි සිය`ඵ ප්‍රවීණත්වයන් මෙල්ස්ටාකෝප් සමූහයේ සාමාජිකයෙක් වශයෙන් නිරායාසව ආයතනය වෙත ලැබුණු ශක්‍යතාවයන් වශයෙන් හැඳින්විය හැකිය.