සීඝ්‍ර ලෙස පැතිරමෙන් පවතින මත්ද්‍රව්‍ය උවදුර වහා පාලනය කර දැමීමේ ක්‍රමවේද පිළිබඳව කරුණු සොයාබලා ඒ සඳහා නිරීක්ෂණ හා නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත්කිරීමට නියමිතව තිබේ.
පසුගියදා රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී එම තීරණය ගෙන තිබේ.
ඒ අනුව, අදාළ යෝජනාව ලබන 08 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.