අනුරපුරයට යන බැතිමතුන්ට නිවේදනයක්

පොසොන් පොහොය නිමිත්තෙන් අනුරාධපුර පුජා නගරයට පැමිණෙන සැදැහැවතුන්ගේ ආරක්ෂාව සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව ප්‍රකාශ කරයි.

අනාරක්ෂිත ස්ථානවල දියනෑම වැළැක්වීම සඳහාද අවශ්‍ය දැනුවත් කිරීම් සිදුකරන බවත්, මත්ද්‍රව්‍ය සහ මත්පැන් රැගෙන ගමන්කරන පුද්ගලයන් සම්බන්ධයෙන්ද විශේෂ පරික්ෂා කිරීම් සිදුකරන බවත්, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

මේ අතර පුජා නගරය ආශ්‍රිත කසළ බැහැර කිරීමේදී විධිමත් පරිදි එම කටයුතු සිදුකිරීමට පියවර ගන්නා ලෙසද අනුරාධපුර මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක නුවන් කුලතුංග බැතිමතුන්ගෙන් ඉල්ලා සිටියේය.

මේ අතර පොසොන් පොහොය නිමිත්තනේ අනුරාධපුරය බලා යන බැතිමතුන්ගේ පහසුව සඳහා අදත් විශේෂ දුම්රිය දෙකක් ධාවන කරන බවත්, බැතිමතුන්ට යළි පැමිණීම සඳහා ද විශේෂ දුම්රිය ධාවනය කෙරෙන බවත්, දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *