අපරාධ මැඩලීම සඳහා ත්‍රිවිධ හමුදාව සහ මහජනතාවගෙන්ද සහාය

අපරාධ මැඩලීම සඳහා ත්‍රිවිධ හමුදාව සහ මහජනතාවගෙන්ද සහාය ලබා ගනිමින් කටයුතු කරන බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි.

මහනුවරට පැමිණ මහනායක හිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව ඔහු මේ බව සඳහන් කළේය.

එමෙන්ම ඇතැම් පාතාල ක්‍රියාවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා යම් යම් දේශපාලන ආශිර්වාද මෙන්ම පොලීසියේ ඇතැම් නිලධාරීන්ගේද සහාය ලැබී ඇති බවද පොලිස්පතිවරයා මෙහිදී පැවසීය.

තවද නීතිය ස්ථාපිත කිරීමේදි කිසිදු දේශපාලන බලපෑමක් ලැබී නැතැයිද ලැබී ඇති දේශපාලන පරිසරය ඉතා හොඳ බවත් පැවසූ පොලිස්පතිවරයා මෙහිදී පැවසුවේ යම් කිසි අපරාධයක් සඟවා තැබීමට හෝ නොසළකා හැරීමට කිසිදු අවස්ථාවක තමාගෙන් නියෝග නොලැබෙන බවය.