ආණ්ඩුවේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මතය පැහැදිලි කිරීමේ විශේෂ මාධ්‍ය හමුවක් අද නුගේගොඩදී කැඳවන ලදී.
එහිදී අදහස් දැක්වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යම කාරක සභික රවින්ද්‍ර මුදලිගේ.
" ජාතික ජන බලවේග ආණ්ඩුව හදිසියේම අධ්‍යාපන ක්ෂේත්රයට අදාළව පූර්ණ ප්රතිසංස්කරණයක් සඳහා වැඩපිළිවෙළක් යෝජනා කරමින් එය ඉටුකිරීම සඳහා මේ වෙද්දි කටයුතු ආරම්භ කරලා තියනවා. දැන් ආණ්ඩුව අධ්‍යාපන ක්ෂේත්රයට අදාළ නිළධාරීන් සහ ආයතන සමග මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන විදිහ ගැන සාකාච්ඡා කරමින් ඉන්නේ. නමුත් තවමත් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් අවසන් වාර්තාවක් ඉදිරිපත් කරලා නෑ. එහෙම තත්වයක් ඇතුලේ ආණ්ඩුව අධ්‍යාපන ක්ෂේත්රය තුළ සිදු කරන්නට යන පරිවර්තනය සහ එහි අරමුණ කුමක් ද? කියන කාරණය ගැන පුළුල් සාකාච්ඡාවක් රටේ ඇති වෙන්න ඕන කියලා අපි විස්වාස කරනවා.
පෙරටුගාමී සමාජවාදී පක්ෂය විදිහට අපිත් පිළිගන්නවා වර්තමාන අධ්‍යාපන ක්රමයේ විශාල විෂමතාවයක් සහ විශාල අර්බුදයක් පවතින බව. ඒ නිසා රටේ අධ්‍යාපන පද්ධතිය තුළ විප්ලවීය පරිවර්තනයක් ඇති විය යුතුයි. නමුත් ඒ පරිවර්තනය අධ්‍යාපනයේ මූලික අරමුණු විනාශ කරන විදිහේ වෙනසක් විය යුතු නැහැ. විශේෂයෙන් පාසල් අධ්‍යාපනයේ 1 වසර සිට 10 වසර දක්වා වූ අධ්‍යාපනයේ මූලික අරමුණ තමයි විචාරශීලී, නිර්මාණශීලී පුද්ගල පෞරුෂයක් ගොඩනැගීම. එතනින් එහාට අධ්‍යාපනයේ ප්‍රධාන අරමුණ වෙන්නේ ඒ ඒ විෂය ක්ෂේත්රවලට අදාළ විෂය ප්‍රවීනයන් නිර්මාණය කිරීම සහ වෘත්තීය ක්ෂේත්රයන්ට අදාළව වෘත්තීය ප්‍රවීණයන් සකස් කිරීම. නමුත් අපිට පේන්නේ ආණ්ඩුවේ නව ප්‍රතිසංස්කරණ යෝජනාතුළ මේ අරමුණු ගැන කිසිඳු සැලකිල්ලක් දක්වලා නෑ. හුදු වෙළඳපොල ශ්‍රමිකයෙක් නිර්මාණය කිරීම පමණක් ඉලක්ක කරගත් වැඩපිළිවෙළක් තමයි ආණ්ඩුව යෝජනා කරන්නේ. පසුගිය දවසේ ජනාධිපතිවරයගේ පාර්ලිමේන්තු කතාවේ දිශානතිය වුනෙත් මේ වෙළඳපොල ශ්‍රමිකයෙක් නිර්මාණය කිරීමේ අරමුණ සාර්ථක කරගැනීම.
අපි දන්නවා ජාතික ජන බලවේග ආණ්ඩුව බලයට පත් වුණු මුල් කලේ අධ්‍යාපන ක්ෂේත්රයේ පුළුල් පරිවර්තනයක් ගැන කිසිඳු සාකච්ඡාවක් තිබුණේ නෑ. එනම් ඇයි ආණ්ඩුව කඩිමුඩියේ මේ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළක් යෝජනා කරන්නේ ? ආණ්ඩුවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ දැක්කම අපිට මේ ගැන හිතාගන්න පුලුවන්. යහපාලන ආණ්ඩුව කාලේ අධ්‍යාපන ඇමති විදිහට හිටපු අකිල විරාජ් කාරියවසම් ඇමතිවරයා ලෝක බැංකුවේ උපදෙස් අනුව රටේ අධ්‍යාපන ක්ෂේත්රයේ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න සූදානම් වුණා. එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහ ආසියානු සංවර්ධන බැංකුව මගින් ඩොලර් මිලියන 400ක පොලී රහිත ණය මුදලක් ලබා දෙන්න එකඟ වුණා. සහා එහි පළමු වාරිකය වශයෙන් 2018 වසරෙදි ඩොලර් මිලියන 200ක මුදලක් ලංකාවට ලැබුණා. එතනින් පස්සේ යහපාලන ආණ්ඩුව බිඳ වැටීම එක්ක බලයට පත්වුණු ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව ලෝක බැංකුවත් සමග මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ ඉදිරියට ක්‍රියාත්මක කිරීම සඳහා එකඟතාවකට ආවා. ඒ අනුව තමයි එවකට ඇමරිකාවෙ හිටි ආචාර්ය උපාලි සේදර ලංකාවට ගෙන්නලා උපාලි සේදර කමිටු වාර්තාව සකස් කළේ. නමුත් රාජපක්ෂ ආණ්ඩුව අර්බුදයට යාම සහ ආණ්ඩුවේ වැඩපිළිවෙළට එල්ල වුණු ජනතා විරෝධයත් සමග මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වීම නතර වුණා. එතනින් පස්සේ ජන මතයට එරෙහිව යමින් බලය ලබාගත්ත රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව ලෝක බැංකු යෝජනාව අනුව රටේ අධ්‍යාපන ප්රතිසංස්කරණයක් සඳහා ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව නමින් වැඩපිළිවෙළක් ඉදිරිපත් කළා. මේ වැඩපිළිවෙළ හැදුවේ 25 දෙනෙකුගේ කමිටුවක්. නමුත් ලංකාවේ ශිෂ්‍ය ව්‍යාපාරය ප්රමුඛ සංවිධාන මැදිහත් වෙලා කරපු අරගල එක්ක ආණ්ඩුවට සිදු වුණා ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව හකුළාගන්න.
දැන් ජාතික ජන බලවේග ආණ්ඩුව ගෙනල්ලා තියන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ සකස් වෙන්නෙත් ලෝක බැංකුවේ යෝජනාවන් අනුවම තමයි. දැනට ආණ්ඩුවේ මැති ඇමතිවරු කරන ප්‍රකාශ තුළින් සහ දැනට ආණ්ඩුව ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ කියලා එළියට දාළා තියෙන ප්‍රසන්ටේෂන් එක බැලුවම අපිට මේ වැඩපිළිවෙළ ගැන දළ අදහසක් සකස් කරගන්න පුලුවන්. ඒ අනුව තමයි අපි කියන්නේ අර රනිල් වික්‍රමසිංහ පත් කළ 25 දෙනාගේ කමිටුවෙන් හදපු ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවත් ඊට පෙර ගෙනාව උපාලි සේදර කමිටු වාර්තාවත් දෙක කවලම් කරපු අච්චාරු වැඩපිළිවෙළක් තමයි හරිනි අමරසූරිය අධ්‍යාපන ඇමතිතුමිය අරගෙන ඇවිත් තියෙන්නේ කියලා. අපි අධ්‍යාපන අමාත්‍යංශයෙන් ඉල්ලීම් කළා මේ ක්‍රියාත්ම කරන්න යන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට අදාළව වාර්තාවක් ලබා දෙන්න කියලා. නමුත් ඔවුන් ලබාදෙන්නේ රනිල් වික්‍රමසිංහගේ ජාතික අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රාමුව කියන වැඩපිළිවෙළම තමයි.
ඇයි ආණ්ඩුව කඩිමුඩියේ මෙහෙම වැඩපිළිවෙළක් ගේන්නේ ? අපි දන්නවා ආසියානු සංවර්ධන බැංකුවෙන් දෙන්න පොරොන්දු වුණු ඩොලර් මිලියන 400ක ණය මුදලින් තවම ලැබුණේ ඩොලර් මිලියන 200යි. දැන් ලෝක බැංකුව කියලා තියනවා ඉතිරි ඩොලර් මිලියන 200 ගන්න නම් මේ වසරේ දෙසැම්බර් වෙද්දි අධ්‍යාපන ක්ෂේත්රයේ අත්‍යාවශ්‍යයෙන් කළ යුතු ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ ඉකමණින් ක්‍රියාත්මක කරන්න කියලා. ඒ නිසා තමයි ආණ්ඩුව කඩිනමින් මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න සූදානම් වෙන්නේ.
ආණ්ඩුව පහුගිය කාලේ දේශපාලන සදාචාරය ගැන කතන්දර ගොඩක් කියලා තමයි බලය ලබාගත්තේ. නමුත් ඒ කියපු එකක්වත් දැන් ආණ්ඩුවට මතක නෑ. අපි දන්නවා ආණ්ඩුව ඉන්දියාව එක්ක අත්සන් කළ ගිවිසුම් තවමත් රටට හෙළිදරව් කරලා නෑ. දැන් සූදානම් වෙන්නේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළත් ඒ විදිහටම කොළේ වහලා ක්‍රියාත්මක කරන්න. ආසියානු සංවර්ධන බැංකුවෙන් ලැබෙන ඩොලර් මිලියන 200ක ණය මුදලක් වෙනුවෙන් මුළු රටේම දරුවන්ගේ අධ්‍යාපන අයිතිය බිල්ලට දෙන්න තමයි මේ සූදානම් වෙන්නෙ. මෙහෙම අධ්‍යාපන ක්ෂේත්රයට අදාළව වෙනසක් කරනවන නම් ඒ සම්බන්ධයෙන් ඉස්සෙල්ලාම පුළුල් සංවාදයක් ගන්න ඕන. අධ්‍යාපනඥයෝ, ගුරුවරු, විශ්වවිද්‍යාල ආචාර්යවරු, ශිෂ්‍යයෝ සහ දෙමාපියන් සමග සාකාච්ඡා කරමින් තමයි වැඩපිළිවෙළක් හදන්න ඕන. හැබැයි අපි දැක්කේ නැහැ එහෙම සාකාච්ඡාවක් ගන්නවා. අඩුම තරමින් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට අදාළ වාර්තාවක් හෝ ඒ වාර්තාව හදපු කමිටුව කවුද ? කියන එකවත් හෙළි කරලා නෑ.
මේ ආණ්ඩුව බලයට ආවේ ළමයින්ට අත්තටු දෙනවා කියලා. නමුත් 2024 වර්ෂයේ රනිල් වික්‍රමසිංහ අධ්‍යාපනය සඳහා දළ දේශීය නිශ්පාදිතයෙන් වැඩි කළ 1.76ක ප්‍රමාණයට වඩා දශම එකයි ( 1.86 ) යි මේ ආණ්ඩුව අධ්‍යාපනය වැඩිපුර වෙන් කළේ. ඒ රාජ්‍ය වියදම පසුගිය වසරවලට සාපේක්ෂව 17%කින් වැඩිවෙලා තියෙන තත්වයක් ඇතුලේ. මේ දශම එක ගැන තමයි ආණ්ඩුව මහලොකු විප්ලවයක් කළා වගේ කතාකරන්නේ. රටේ පාසල් පද්ධතිය තියෙන්නේ දැවන්ත අර්බුදයක. ග්‍රාමීය පාසල් සහ නගරයේ පාසල්වල සම්පත් විසමතාවය එන්න එන්නම වැඩි වෙනවා. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදි කිව්වේ ළමුන් සීයට අඩු පාසල් 3000කට වඩා තියනවා කියලා. ඔහුගේ කතාවට අනුව මේවා පාඩු ලබන ආයතන. ඒ නිසා මේ පාසල් වසා දැමීම අරමුණු කරගත් වැඩපිළිවෙළක් තමයි ඔහු යෝජනා කළේ. අපිට අහන්න තියෙන්නේ දරුවන් පාසල්වල ඉන්න ප්‍රමාණය අනුව ලාභ පාඩු ගණනය කරන්න අධ්‍යාපන ආයතන කියන්නේ බිස්නස් එකක් ද ? දැන් ආණ්ඩුවට හැමදේම පේන්නේ ලාභ හොයන බිස්නස් වගේ. ලාභයක් නැත්තම් වහලා දානවා. නමුත් අධ්‍යාපනය සෞඛ්‍ය ප්රවාහණය වගේ ක්ෂේත්‍ර දිහා අපි බලන්න ඕන ලාභ පාඩු අනුව නෙවෙයි. සමාජයේ ප්රගමනය සඳහා එම ආයතන දායක කරගැනිමයි කරන්න ඕන. ජනාධිපතිවරයා ගැලවීමට වගේ කිව්වා මේ ඉස්කෝල වහන ගමන් සමහර පාසල් අලුතින් විවෘත කරනවා කියලා. නමුත් ඒක අමූලික බොරුවක්. එහෙම නව පාසල් ආරම්භ කරන්න කිසිඳු ප්රතිපාදනයක් මේ වැඩපිළිවෙළ ඇතුළේ වෙන් කරලා නෑ.
අපිට පේනවා ජාතික ජන බලවේග ආණ්ඩුව මේ ගමන් කරමින් ඉන්නේ ඔවුන්ට ඡන්දය දුන් ජනතාවගේ සියළු අභිලාෂයන් උල්ලංඝනය කරමින් යන පාරක. රනිල් වික්‍රමසිංහගේ ජනතාද්‍රෝහී ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට මාලිමා ආණ්ඩුවේ සීල් එක ගහන්න තමයි මේ සූදානම් වෙන්නේ. මිනිස්සු රනිල්ව පරාද කලේ අලුත් බලාපොරොත්තුවක් එක්ක. ඒ පරාද කරලා ගෙනාව ආණ්ඩුව දැන් ආසියානු සංවර්ධන බැංකුවෙන් ලැබෙන ඩොලර් මිලියන 200ක් වෙනුවෙන් සමස්ථ ජනතාවම පාවා දෙන්න සූදානම් වෙනවා. ඒ නිසා අපි මේ රටේ ජනතාවට කියනවා වහාම මේ ආණ්ඩුවේ උද්ධච්ච වැඩපිළිවෙළට එරෙහිවන ජනතා බලයක් ගොඩනගන්න එකතුවෙන්න කියලා. "