ලංකා බැංකුවේ බද්දේගම ශාඛාවෙන් ATM කාඩ් පතක් ලබාගැනීමට ගිය විශ්‍රාමික ගුරුවරයෙක්ට කාඩ් පත ලබා නොදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිව්ස් කළ අනාවරණයට ලංකා බැංකුවේ බද්දේගම ශාඛාවේ කළමනාකරවරිය සහ සහකාර මහා කළමනාකාරවරයා ප්‍රතිචාර දක්වා තිබේ.
එම සිද්ධිය සිදුවූ අවස්ථාවේදී ගනුදෙනුකාර විශ්‍රාමික ගුරුභවතාගේ ඉරියව් අනුව ඔහු යම්කිසි අපහසුතාවයකට සහ පීඩනයකට ලක්ව ඇති බව කළමනාකාරතුමියට නිරීක්ෂණය වී ඇති බව එයට ප්‍රතිචාර දක්වමින් ලංකා බැංකුවේ සහකාර මහා කළමනාකාරවරයා සදහන් කරයි.
ලංකා බැංකුවේ සහකාර මහා කළමනාකාරවරයා විසින් එවා ඇති සම්පූර්ණ ලිපිය මෙසේය.

කර්තෘ සටහන – මෙම සිදුවීම සම්බන්ධයෙන් නිවරදි තොරතුරු තහවුරු කරගැනීමෙන් පසුව අප අදාල වාර්තාකරණය සද්භාවයෙන් සිදුකරනු ලැබූවකි. එය කිසිදු ආයතනයක හෝ කිසිදු පුද්ගලයෙක්ගේ කීර්තිනාමයට හානි කිරීමක් අරමුණු කර නොගත් සිද්ධි වාර්තාකරණයකි. එයට ප්‍රතිචාර දැක්වීම සදහා ලංකා බැංකුවේ පාර්ශවයට අප අවස්ථාව ලබාදී ඇති අතර කිසිදු අගතියකින් තොරව ඕනෑම සිදුවීමක් සම්බන්ධයෙන් සම්බන්ධිත පාර්ශවයන් දක්වන ප්‍රතිචාරයන් පළ කිරීමට අප වෙබ් අඩවි අවකාශය සෑම විටම විවෘතය.