ශ්‍රී ලංකාව සිදුකරන අපනයන සඳහා 30%ක අනෝන්‍ය තීරුබදු

ශ්‍රී ලංකාව විසින් සිදුකරන අපනයන සඳහා 30%ක අනෝන්‍ය තීරුබදු පැනවිමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබේ.

අමෙරිකානු ජනාධිතිවරයා විසින් මීට පෙර ශ්‍රී ලංකාව වෙත පනවා තිබු අනෝන්‍ය තීරුබදු ප්‍රතිශතය 44%ක්. 

මෙම අනෝන්‍ය බදු පැනවීම අගෝස්තු මස 01වනදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය. 

වෙළෙඳ ගනුදෙනු සහ තීරුබදු සම්බන්ධයෙන් අද (09) තවත් රටවල් හතක් වෙත නව ලිපි නිකුත් කරන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කර තිබුණි.

ශ්‍රී ලංකාවට අමතරව, ඇල්ජීරියාව, ඉරාකය සහ ලිබියාව සඳහා ද 30% ක තීරුබදු පනවා තිබේ.

කෙසේ වෙතත් බෲනායි සහ මෝල්ඩෝවා සඳහා 25%ක් ලෙසත්, පිලිපීනය සඳහා 20%ක් ලෙසත් තීරුබදු පනවන බව දන්වා ඇත.