ටෙස්ලා සමාගමේ නිර්මාතෘ ඊලොන් මස්ක් සිය නව දේශපාලන පක්ෂය නිවේදනය කර ඇතැයි අමෙරිකානු මාධ්‍ය වාර්තා කර තිබේ.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මිතුරෙකු වූ ඊලොන් මස්ක් පසුව දෙදෙනා අතර ඇතිවූ මතභේදයෙන් පසුව ට්‍රම්ප්ගෙන් වෙන් වූ අතර එහිදී ඔහු සිය X ගිණුමේ සටහනක් තබමින් සිය පරිශීලකයින්ගෙන් විමසීමක් සිදුකරනු ලැබුවේ එක්සත් ජනපදයට නව දේශපාන පක්ෂයක් තිබිය යුතුද යන්නය.
එම සටහනට මත විමසුම් ලැබෙමින් පැවැති අවස්ථාවක මස්ක් ඊයේ (05) සිය X ගිණුමේ සටහනක් තබමින් පැවසුවේ “2 ට 1 ගුණයකින්, ඔබට නව දේශපාලන පක්ෂයක් අවශ්‍ය වන අතර ඔබට එය ලැබෙනු ඇත!” යනුවෙනි.
ඒ අනුව ‘අමෙරිකානු පක්ෂය’ නමින් නව පක්ෂයක් දියත් කර ඇති මස්ක් එහිදී සඳහන් කර ඇත්තේ අමෙරිකානුවන්ගේ යහපත් අනාගතයක් වෙනුවෙන් මෙන්ම නිදහස නැවත ලබා දීමට තමන් මෙලෙස නව පක්ෂයක් ආරම්භ කළ බවය