හොටෙල් රන්දොල කෝටිපතියා මරා පිච්චූ ඝාතකයන් හසුවූ හැටි(VIDEO)

“ගෙයක් හදන කොන්ත්‍රාත්තුව භාරදෙන්න කියලා කමල් සම්පත්ව එක්කරගෙන ගිහින් කේබල් එකෙන් බෙල්ල හිරකරලා එයාව මරලා, එයා පැලඳ හිටිය රත්ත්‍රං බඩුයි ළඟ තිබුණු සල්ලියි කොල්ලකාගෙන ගියා. රත්ත්‍රං බඩුයි සල්ලියි කොල්ලකන්න තමයි අපි දෙන්නා මේ මිනීමැරුම කළේ” යැයි කුරුණෑගල ව්‍යාපාරිකයා ඝාතනයේ ප්‍රධාන සැකකරු බව කියන 29 හැවිරිදි තරුණයා පොලිසිය හමුවේ පාපොච්චාරණය කරමින් කියා සිටියේය. කොල්ලකන ලද දේපොළ අතරින් රුපියල් ලක්‍ෂ 48ක රන් භාණ්ඩ, රුපියල් ලක්‍ෂ 14 ක මුදල් සහ ජංගම දුරකථනයක් පොලිසිය සොයාගෙන තිබේ.

කුරුණෑගල මිල්ලව ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයකු පැහැරගෙන ගොස් ගෙල සිරකර ඝාතනය කර ඔහුගේ සිරුර ජීප් රථයක දමා පුළුස්සා ඔහු සතුව තිබූ රුපියල් ලක්‍ෂ පනහකට අධික වටිනාකමෙන් යුත් රන් භාණ්ඩ ඇතුළු වටිනා දේ කොල්ලකාගෙන ගිය 19 සහ 29 හැවිරිදි වියේ පසුවන ප්‍රධාන සැකකරුවන් දෙදෙනා පොලිසිය මගින් ඊයේ (30දා) අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී මේ බව හෙළිවී ඇත.

මේ පිළිබඳව තොරතුරු පහතින් නැරඹිය හැකියි.