බැරල්වලට ඉන්ධන නිකුත් කිරීම අත්හිටුවයි

ජනතාව බූලි සහ බැරල්වලට ඉන්ධන ලබාගැනීමට පැමිණෙමින් අනවශ්‍ය තදබදයක් ඇති කරන නිසා බූලි සහ බැරල්වලට ඉන්ධන නිකුත් කිරීම අත්හිටුවීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ.

ඒ අනුව බූලි හා බැරල්වලට ඉන්ධන නිකුත් කරන ඉන්ධනහල්වලට විරුද්ධව පියවර ගැනීමටද ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සූදානමින් සිටී.

ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සතුව ප්‍රමාණවත් ඉන්ධන සංචිත තිබියදී පාරිභෝගිකයින් විසින් අනියත බියක් ඇති කරගෙන මෙලෙස කටයුතු කරන බවට පෙනී යන බැවින් වහාම ක්‍රියාත්මක වන පරිදි බූලි හා බැරල් වලට ඉන්ධන නිකුත් කිරීම තහනම් කර ඇති බව ද ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සදහන් කරයි.

ජනතාව මේ අවස්ථාවේදී පැනික් වී බිය වී පෝලිම්වල ගොස් ඉන්ධන ලබාගත යුතු නැතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස සදහන් කළේය.

ඉදිරි මාස දෙකහමාරක කාලයක් සදහා අවශ්‍ය ඉන්ධන තොග ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුව පවතින බවද ඔහු පැවසුවේය. තවත් ඉන්ධන තොග ලැබීමට නියමිතව තිබෙන බවද ඇමැතිවරයා ඊයේ පැවසුවේය.