හිටපු ලොක්කෝ දෙන්නෙක් අල්ලස් දැලේ

ලංකා ධීවර සංස්ථාවේ හිටපු සභාපති උපාලි ලියනගේ මහතා අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගෙන තිබේ.

එම සංස්ථාවේ සිදුවු අක්‍රමිකතාවයකට අදාළව ඒ මහතාව අත්අඩංගුවට ගෙන ඇත.

ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා ද අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ගුවන්යානා මිලදී ගැනීම සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශනයකට අදාළව ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව අල්ලස් කොමිසම පැවසීය.