ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 458

බංග්ලාදේශයට එරෙහිව සිය පළමු ඉනිම ක්‍රීඩාකළ ශ්‍රී ලංකා කණ්ඩායම මීට සුළු වේලවකට පෙර සියලු දෙනා දැවී ලකුණු 458ක් රැස්කිරීමට සමත් විය.

ඒ අනුව ඔවුන්ට බංග්ලාදේශය පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 247ට වඩා ලකුණු 211ක් ඉදිරියෙන් සිටිමින් ඉනිම අවසන් කිරීමට හැකිවිය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් වේගවත් ඉනිමක් ක්‍රීඩාකළ කුසල් මෙන්ඩිස් ලකුණු 84ක් රැස්කිරීමට සමත් වූ අතර, ඔහු ඉනිමේ 9වන කඩුල්ල ලෙස දැවී ගියේය