ශ්‍රේෂ්ඨාධිකරණ වි්නිසුරුධූරයක් සදහා ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට යවා ඇති නමක් ඉවත් කරගැනීමට සභානායක බිමල් රත්නායක කටයුතු කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචිමාර්ග අනාවරණය කරයි.
අභියාචනාධිකරණයේ වැඩ බලන සභාපති විනිසුරු එම්.ටී. මොහොමඩ් ලාෆීර්ගේ නම මෙසේ ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථාදායක සභාවට යොමු කර තිබේ. එම නම මෙසේ සභානානයකවරයා විසින් ඉවත් කරගෙන ඇත.
ලබන 20 වැනිදාට ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුධූරයක් පුරප්පාඩු වන අතර එම ධූරය සදහා අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති විනිසුරුවරයාගේ නම ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට යොමු කර ඇත්තේ පසුගිය 9 වැනිදා බව අනිද්දා පුවත්පත අනාවරණය කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු ගාමිණී අබේසේකර ලබන 20 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විශ්‍රාම ගැනීමට නියමිත අතර විනිසුරුධූරය පුරප්පාඩු වන තෙක් නව විනිසුරුවරයෙක් පත් කිරීම සදහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නාම යෝජනා යොමු නොකිරීම සම්ප්රදාය බවද අනිද්දා පුවත්පත සදහන් කරයි.
අභියානාධිකරණයේ සභාපති විනිසුරුවරයා, ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරයෙක්ගේ පුරප්පාඩුව ඇතිවීමට දින දෙකකට පෙර එනම් ජුනි 18 වැනිදා විශ්‍රාම යාමට නියමිතය. ඒ ඔහුගේ වයස අවුරුදු 63 සම්පූර්ණ වීම නිසාය. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් විශ්‍රාම යාමේ වයස අවුරුදු 65 වන අතර විනිසුරු මොහොමඩ් ලාෆීර් ශ්‍රේෂ්ඨාධිකරණයට පත්වුවහොත් ඔහුට තවත් වසර දෙකක් සේවය කළ හැකිය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ඉහළ අධිකරණවලට විනිසුරුවරුන් පත් කිරීමේදී, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අගවිනිසුරුවරයා විමසිය යුතුව ඇත. එහෙත් විනිසුරු මොහොමඩ් ලාෆීර් ශ්‍රේෂ්ඨාධිකරණයට පත් කිරීම සම්බන්ධයෙන් අගවිනිසුරු මෘර්දු ප්‍රනාන්දුගේ නිර්දේශ ලැබී නොමැති බවද අනිද්දා පුවත්පත අනාවරණය කරයි