ආසියානු සංවර්ධන බැංකුව අධ්‍යාපනය වෙනුවෙන් ලබාදෙන ආධාර නතරවීමේ අවධානමක් ?

ආසියානු සංවර්ධන බැංකුව විසින් අධ්‍යාපනය වෙනුවෙන් ලබාදෙන ආධාර නතරවීමේ අවධානමක් මතුව තිබෙන බව සතිඅන්ත පුවත්පතක් වාර්තා කර තිබෙනවා.

ආසියානු සංවර්ධන බැංකුව විසින් ලබාදී ඇති ණය ව්‍යාපෘතිවල ප්‍රගතිය සම්බන්ධයෙන් සෑහීමකට පත්වීමට නොහැකි නිසා ඉදිරියේදී ආසියානු සංවර්ධන බැංකුව විසින් අධ්‍යාපනයට ලබාදෙන ආධාර නතර වීමේ දැඩි අවදානමක් ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් හා ආසියානු සංවර්ධන බැංකුවේ නිලධාරින් අතර පැවති සාකච්ඡාවකදී දැනුම්දී තිබෙන බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ.

ඒ සම්බන්ධයෙන් තොරතුරු ඉහතින් නැරඹිය හැකියි.